� යටවත්ත ප්�රාදේශීය ලේකම් කොට්ඨාසය !
ශ්�රී ලංකාවේ මධ්�යම කදුකරයෙහි වූ මාතලේ දිස්ත්�රික්කයේ නිරිතදිග කොටසේ මාතලේ කුරුණෑගල ගලේවෙල හා මාතලේ දඹුල්ල ප්�රධාන මාර්ගය ඔස්සේ යටවත්ත ප්�රදේශය පිහිටා ඇත . එහී ප්�රාදේශීය ලේකම් කොට්ඨාසය උතුරින් පල්ලේපොල ද , නැගෙනහිරින් මාතලේ , දකුණින් උකුවෙල යන ප්�රාදේශීය ලේකම් කොට්ඨාස වලින් ද , බටහිර දිසාවෙන් කුරුණෑගල දිස්ත්�රික්කය ද මායිම් කොට ගනී. යටවත්ත ප්�රාදේශීය ලේකම් කො
ට්ඨාසය මකුළුස්ස, අස්ගිරිය, රිටිගල , නකල්ස් ආදී කදු පන්තී වලින්ද , යටවත්ත පාවුල් කදු ,ඇටිපොල හා ඕවිලිකන්ද , ආම්බොක්ක වැනි කදු වලින් වටවී ඇති අසිරිමත් ,රමණීය පාරිසරික ස්වභාවයෙන් දක්වන ද්�රෝනියක් වශයෙන් හැඳින් විය හැක. මෙම ප්�රදේශය මුහුදු මට්ටමේ සිට මීටර් 400-1250ත් අතර සාමාන්�ය උෂ්ණත්වයක් සහිත වේ. නාලන්ද ඔය යටවත්ත ප්�රාදේශය වට කරගත් ප්�රධානතම ජල මූලාශ්�රය වන අතර පොල්වත්ත ඔය ඇතුලු ව ඇටිපොල කන්දෙන් හා අනෙකුත් කදු පන්තීන්ගෙන් ආරම්භ වන කුඩා දිය පහර වල් දැදුරු ඔයේ ආරම්භක ජල උල්පත් ලෙස සැලකේ . යටවත්ත ප්�රදේශය මැද රට අන්තර් මධ්�යම කලාපයට හා මැදරට තෙත් දේශගුණ කලාප වලට අයත් වේ.මෙහි වර්ශාපතනය මිලි ලීටර් 160.8 පමණ වේ.උෂ්ණත්වය ද සෙල්සියස් අංශක 28-36ත් අතර පවතී .ලා දුඹුරු ලොම් පස හා රතු දුඹුරු ලැටසොලික් පස ප්�රදේශයේ ව්�යාප්තව ඇත .මයිකා නිධී වැනී ඛනිජ සම්පත් මේ අවට ව්�යාප්තව ඇත.යටවත්ත ප්�රාදේශීය කොට්ඨාසයේ විශාලත්වය වර්ග කීලෝ මීටර් 65.7 කී.ගම්මාන 144 කින් සැදුම්ලත් ග්�රාම නිලධාරී වසම් 56කින් සමන්විත වේ.කෘෂිකාර්මික හා ගොවිජන කටයුතු සදහා යටවත්ත හා වාලවෙල යනුවෙන් ගොවිජන සංවර්ධන බල ප්�රදේශ දෙකකට බෙදා වෙන් කර ඇත.මෙම ප්�රදේශය අස්ගිරි කෝරළය ලෙස ද පැරැණි අවදිය තුල නම් කර තිබූ නමුත් අද වන විට එය අස්ගිරි උඩසිය හා පල්ලේසිය යනුවෙන් පත්තු දෙකකට වෙන් කෙරිණි .