11/03/2020
2020 මාර්තු මස 11 වන අද දින පාදුක්කේ බප/හෝ/සිරිපියරතන මධ්‍ය මහා විද්‍යාලයේදී ඉතා සාර්ථක පොලිස් ශිෂ්‍යභට එක් දින කඳවුරක් පැවැත්විණි. මෙහි අරමුණ වූයේ පොලිස් ශිෂ්‍යභටයින්ගේ ආකල්ප වර්ධනය හා නායකත්වයකින් හෙබි තරුණ ප්‍රජාවක් දැයට බිහිවීමේ අවශ්‍යතාවය පෙන්වා දීම සහ එය සාර්ථක කර ගන්නේ කෙසේද යන්න පැහැදිලි කිරිමට අමතරව ශිෂ්‍යභටයකු වශයෙන් සාර්ථක ගමනක් යාමට අවශ්‍ය අඩිතාලම දැමීමයි.
මෙම කඳවුර සඳහා බප/හෝ/මහින්ද රාජපක්ෂ විද්‍යාලය , බප/හෝ/බෝපේ රාජසිංහ මහා විද්‍යාලය, බප/හෝ/හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය, බප/හෝ/මහාමාත්‍ය විද්‍යාලය අතුරුගිරිය, බප/හෝ/සිරිපියරතන මධ්‍ය මහා විද්‍යාලය යන විද්‍යාලය නියෝජනය කරමින් ශිෂ්‍යභටයින් විශාල පිරිසක් සහභාගි විය.
ආරාධිත අමුත්තන් වශයෙන් 19 වන බලඇණියේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එච් එස් දයානන්ද මහතා, පාදුක්ක පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.කේ.ඒ.ඒ නිස්සංක මහතා, බප/හෝ/බෝපේ රාජසිංහ විද්‍යාලයේ විදුහල්පති ගාමිණි හෙට්ටිආරච්චි මහතා , බප/හෝ/සිරිපියරතන මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ජයනන්දන මහතා සහ එම විද්‍යාලයේ ශිෂ්‍යභට ඛණ්ඩ භාර ආචාර්ය ප්‍රියන්ජිත් මහතා, මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නාට්‍ය රංගකලා ආචාර්ය රංගන ශිල්පී හා විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යභට ඛණ්ඩය භාර ආචාර්ය චමිල මහතා, 19වන බලඇණියේ විධායක යන මහත්වරුන් සහභාගි වු අතර කඳවුර අවසානයේ ශිෂ්‍යභටයින්හට සහතික පත් ප්‍රධානයක්ද සිදුවිය.
කඳවුරෙහි දේශන සඳහා ගම්පහ දිස්ත්‍රික් අධීක්ෂණ නිලධාරි පොලිස් පරික්ෂක හරේෂ් පෙරේරා මහතා, පොලිස් ශිෂ්‍යභට සීතාවක කොට්ඨාස අධීක්ෂණ නිලධාරී උප පොලිස් පරික්ෂක ගිහාන් සමීර මහතා, පොලිස් කොස්ථාපල් 61817 පනාවල මහතා, පොලිස් කොස්ථාපල් 84055 අශාන් යන මහත්වරුද, සහභාගි විය. මෙහිදී විශේෂත්වය වුයේ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නාට්‍ය හා රංගකලා ආචාර්ය රංගන ශිල්පී හා විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යභට ඛණ්ඩ භාර ආචාර්ය චමිල මහතාගේ නාට්‍ය නිර්මාණය හා රඟදැක්වීම පිළිබඳ රසවත් දේශන විය.
මෙම කඳවුර කොළඹ දිස්ත්‍රික් අධීක්ෂණ නිලධාරි පොලිස් පරික්ෂක එච්.එල්.ටී සම්පත් මහතාගේ අධීක්ෂණය යටතේ උප පොලිස් පරික්ෂක වීරකෝන්, පොලිස් සැරයන් 14798 සමරනායක යන මහත්වරුන් විසින් සංවිධානය කර ඇත. තවද මෙම කඳවුර සාර්ථක කර ගැනිම සඳහා එම පාසල් වල විදුහල්පතිවරුන්ගේ, දෙමවුපියන්ගේ හා පාදුක්ක පොලිස් ස්ථානයේ නිලධාරි මහත්වරුන්ගේ නොමඳ සහය ලැබී ඇත.