24/03/2024
බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් සිදුවූ මැදින් පුන් පොහොය අදයි.
🌟මැදින් මස පුර පසළොස්වක පෝය දිනය සම්බුද්ධ ශාසන ඉතිහාසයේ අතිශය උදාර දිනයක් ලෙස සැළකේ. ඒ පූර්වයෙහි සියළු බුදුවරයන් වහන්සේලා ඉටුකලා මෙන්, ප්‍රරවේණි වංශ චාරිත‍්‍රය ඉටුකිරීම සඳහා ඥාති සංග්‍රහය පිණිස ගෞතම බුදුරජාණන් වහන්සේ ද ස්වකීය ජන්ම භූමිය වූ කිඹුල්වත් පුරයට වැඩමකිරීම ආරම්භ කළේ මැදින් පුර පසළොස්වක පෝය දිනයේ දී බැවිනි. මෙය සිදුවූයේ මහබිණික්මන් කොට සත් වසරක් ඇවෑමෙනි. බුදු වී වසරක් ගත වූ තැන ය. ශාසණික වශයෙන් මෙන්ම ලාංකිකයන් වශයෙන් ද මේ මැදින් පෝ දින කරුණු ගණනාවකින් වැදගත් වේ..
🔸 මැදින් පුන් පෝය දිනයේ ඇති වැදගත්කම.
⊱⋅ ──────────── ⋅⊰
▪️බුදු රජාණන් වහන්සේ සිය නෑදෑ හිතමිතුරන්ට සහ ජන්ම භුමියට කෘතගුණ සැලකීම සඳහා කිඹුල්වත් පුරයට වැඩම කිරීම.
▪️ඥාතීන්ගේ මානය දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ දස දහසක් සක්වල ඒකාලෝක කරවමින් යමා මහ පෙළහර පෑම.
▪️ කිඹුල්වත් නුවරට වැඩම කොට සුද්ධෝදන රජතුමාට ධර්මය දේශනා කිරීම. (ධර්මපාල ජාතකය)
▪️සුද්ධෝදන රජතුමා මාර්ගඵල ලැබීම.
▪️සුද්ධෝදන රජතුමාගේ තෙවන වැඳීම සිදු වීම.
▪️යසෝදරා දේවියට චන්ද කින්නර ජාතකය දේශනා කිරීම.
▪️රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම. එමෙන්ම දහම් අවබෝධ ලබාගත් අතර ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරු පැවිදි බිමට පත්වූහ.
▪️ කාන්තාවන් පලමු වරට පැවිදි වීමට අවසර ඉල්ලීම.
▪️ මහා ප්‍රජාපතී ගෝතමියගේ සෝවාන් ඵලයට පත්වීම.
▪️ප්‍රථම වතාවට දෙමාපිය අවසර නොමැතිව ශාසනය තුළට පුද්ගලයින් පැවිදි නොකරන ලෙස බුදුරජාණන්වහන්සේ විසින් විනය නිතියක් ද පනවන ලද්දේය.
▪️ බෞද්ධ බැතිමතුන් සිරිපා කරුණා කිරීමට සමනළ මුදුනට යන්නේ මැදින් පෝය දිනය වීම