V_ANA Wedding proposal

V_ANA Wedding proposal We are not working in vertual flatform

රශ්න නැත්තේ කාටද ? ලෝකයේ ප්‍රශ්නයකට මුහුණ නොදුන් කිසිවෙකු නැහැ. ඒ වගේම වර්තමානයේ ඉඳලා  ඒ ප්‍රශ්න දිහා හැරිලා බැලූවොත් අප...
29/06/2020

රශ්න නැත්තේ කාටද ?

ලෝකයේ ප්‍රශ්නයකට මුහුණ නොදුන් කිසිවෙකු නැහැ. ඒ වගේම වර්තමානයේ ඉඳලා ඒ ප්‍රශ්න දිහා හැරිලා බැලූවොත් අපට හිතේවි ප්‍රශ්න ආපු අවස්ථාවේ අපි කොයි තරම් කඩාගෙන වැටුණත් ඒ හැම ප්‍රශ්නෙකටම අපිට උත්තර හම්බු වෙලා තියෙනවා කියලා. සරලවම කිව්වොත් ඔබේ ජීවිතයේ හැම ප්‍රශ්නෙකටම උත්තරයක් තියෙනවා.

අපේ ජීවිතේ අපිට එන ප්‍රශ්න හැලහැප්පීම්, විපත් ඒ වගේම කම්පනයන් එක්ක තමයි කෙනෙක්ට තමන් ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. මේ හැම දෙයක්ම කෙනෙක්ට ශක්තිමත් වෙන්න ලැඛෙන ආශිර්වාදයන්. සමහර ඒ වගේ සිදුවීම් කෙනෙක්ගේ ජීවිතේ අංශක 360 කින් අනිත් පැත්ත හරවනවා. ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන කෙනෙක් ඊලග මොහොතේ නැගිටින්නේ කලින් හිටියටත් වඩා ගොඩාක් ශක්තිමත් කෙනෙක් විදිහට.

ඔබ මොහොතකට හිතන්න ඔබ විශාල දිය කඳක් අතරින් බෝට්ටුවකින් ගමන් කරද්දි ඔබේ බෝට්ටුව පෙරළෙනවා. ඔබ මහා දිය කඳකට අහුවෙනවා. ඔබ ගාව ජීවිතාරක්ෂක කබායක් තිබුනොත් ඔබ ආරක්ෂිතයි. ඒ කියන්නේ ඔබ ගැටලූව ගැන දැනගෙන කලින් සූදානම් වෙලා හිටිය කෙනෙක්. ප්‍රශ්නයකට මුහුණ දෙන්න අවශ්‍ය සම්පත් සහ දැණුම ඔයා ගාව තිබ්බා. ඒ වගේම ඔයා පීනන්න දන්නවානම් ඒ කියන්නේ ගැටලූවකදී මුහූණ දෙන්න අවශ්‍ය ජීවන කුසලතා (Life Skills) නිපුණ කරලා තිබුණනම් ඒත් ඔබට පහසුවෙන් ඒ ගැටලූවට මුහුණ දෙන්න පුලූවන්. ඒ වගේම ඔයා දියේ ගිලෙන්න යද්දි තවත් බෝට්ටුවක ගිය කෙනෙක් ඔයාව බේරගන්න එන්න පුලූවන්. ඒ ඔබ වටා ඉන්නා ආදරණීයයන්. ඒ වගේම ඔයා ගිලෙන්න යද්දි, ඔයා උදව් ඉල්ලලා කෑ ගහද්දි ඔයාව බේරගන්න ඒ සඳහාම පුහුණු වුනු ජීවිතාරක්ෂක නිලධාරියෙක් ඉදිරිපත් වෙන්නත් පුලූවන්. ඒ කියන්නේ ගැටලූවකදී ඔබට සහය වෙන්න වෘත්තීය පුහුණුව ලත් උපදේශකයන් (Life Coach, Counselor,Mentor) වැනි අය. අපි හිතමු ඔය කිසිවක් සිද්ධ වුනේ නැහැ කියලා. ඔබ මොකද කරන්නේ. ඔබ පීනන්න දැනගෙන හිටියත් නැතත් ඔබ අතපය එහා මෙහා ගසමින් ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒකට කියන්නේ ඔබ සතු ආත්ම විශ්වාසය. එහෙමත් නැතිනම් ගැටලූව ඇතුලේම තමන්ට තමන්ව අහිමි කරගන්නවා වෙනුවට ගැටලූවෙන් මිදීමට ඔබ දරන උත්සාහය.

මේ ලිපියේ මූලික අරමුණ වෙන්නේ ගැටලූවකට මුහුණ දෙන කෙනෙකුට එම ගැටලූවට මුහුණ දීලා ආපසු හිටපු තත්වයටම එන්න උපකාරී වෙන ක්‍රම කිහිපයක් හඳුන්වා දෙන එක. ඔබ දන්නවා.. අපි රබර් බෝලයක් වතුර යටට තද කරන් ඉඳලා අත හැරීයාම නැවතත් උඩට එනවා. ඒ වගේම ප්‍රශ්නෙකදි ඒ ප්‍රශ්නේ අත හැරලා නැවත හිටපු තත්වයටම එන්න උත්සාහ කරනවාද, නැද්ද කියන එක ඔබ සතු තෝරා ගැනීමක්. පහත දක්වා තියෙන කරුනු ඔබට ගැටලූවකට මුහුණ දීලා ශක්තිමත්ව නැවත නැගී සිටින්න උපකාර වේවි.

ගැටළුවකට මුහුණ දීමේදී සෑම පුද්ගලයෙකුම අධ්‍යනය කළ යුතු පියවර 10 ක් ....

1. නිවසේ සාමාජිකයන්, කාර්‍යාල සහයකයින් ,මිතුරන්, නෑදෑයින් අතර සහයෝගීතාවයෙන් යුතු සැලකිලිමත් සබඳතා ඇති කර ගන්න.
ඔවුන්ගේ උදවු පිළිගන්න, ඔවුන්ට අවශ්‍ය විටදී ඔබත්
ඔවුන්ට උදවු කරන්න.

2. සමහර සිදුවීම් ඔබට පාලනය කිරීමට, වෙනස් කිරීමට නොහැකි බව මතක තබා ගන්න.
එහෙත් එම සිදුවීම් වෙනස් කිරීමට නොහැකි වුවත්, ඒවාට වෙනස්ම ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමට ඔබට හැකිය. එම සිදුවීම් වලින් ඔබේ ගමනට බාධාවක් වන්න ඉඩ දෙන්න එපා.

3. වෙනස් වීම යනු ජීවිතයේ කොටසක් බවත් වෙනස්වන තත්ත්වයන්ට හැඩ ගැසීමට ඔබට සිදුවන බවත් පිළිගන්න.

4. ඔබේ ජීවන ඉලක්ක ඔබ වෙත ලඟා කර ගැනීමට හැමදාම කුඩා පියවරක් හෝ ඉදිරියට තබන්න." මගේ ඉලක්ක වෙත සමීප වන්න මම අද කළ යුතු වැදගත්ම දෙය කුමක්ද? " හැමදාම ඔබෙන්ම එසේ අසන්න. විශාල පියවර ගැන සිත සිතා නොසිට කුඩා පියවර වලින් හෝ ඔබේ ඉලක්ක වෙත යාමට අදිටන් කරගන්න.

5. තීරණාත්මක වන්න. ගැටළු ඔබෙන් ඉවත් වේ යැයි බලාපොරොත්තුවෙන් නොසිට ඔබට හැකි අයුරින් ඒවාට පිළිතුරු සොයාගන්න.

6. අහිමිවීම්, දුෂ්කරතා හෝ චිත්තවේගී ගැටළු සමඟ කටයුතු කිරීමේදී ඔබේ අත්දැකීම් තුළින් ඒවාට විසඳුම් සොයන්න උත්සාහ කරන්න. ඒවයින් ඔබ ඉගෙනගත් දේ අගය කරන්න.

7. ඔබ තුළ ධනාත්මක සිතුවිලි ඇති කරගන්න. ඔබේ ශක්තීන් සහ හැකියාවන් ගැන විශ්වාසයෙන් සිටින්න.

8. දිගුකාලීන සැලැස්මක් සකස් කරගන්න.

9. සුබවාදීව සහ බලාපොරොත්තු සහිතව ඉදිරිය දකින්න.
ඔබ බිය දේවල් ගැන සිත සිත නොසිට ඔබට අවශ්‍ය දේ තුළින් ඉදිරිය දකින්න.

10.ඔබට පළමු තැන දෙන්න. ඔබේ ශරීර සෞඛ්‍ය පිළිබඳ, ඔබේ සිතේ සැහැල්ලුව පිළිබඳ අවධානය යොමු කරන්න. එය ඔබට දුෂ්කර අවස්ථාවන්වලදී මෙන්ම ඔබේ කටයුතු සාර්ථකත්වය කිරීමට අවශ්‍ය ශක්තිය සහ සමබරතාවය ලබා දෙයි.

අවසානයේ මතක තබා ගන්න.
"ඔබ මිය යන්නේ ජලයට වැටුණු විට නොව පිහිනීමට උත්සාහ නොකරන විටය."

පසුගිය සති අන්තයේ කාර්යාල දුම්රියේ නිවස බලා යද්දී මගේ ආසනය ඉදිරියේ වාඩි වෙලා  ගමන් ගත්ත, වයස අවුරුදු වයස අවුරුදු හැටක පම...
28/06/2020

පසුගිය සති අන්තයේ කාර්යාල දුම්රියේ නිවස බලා යද්දී මගේ ආසනය ඉදිරියේ වාඩි වෙලා ගමන් ගත්ත, වයස අවුරුදු වයස අවුරුදු හැටක පමණ මහත්මයෙක් ෆෝන් එකේ Clash of Clans ගේම් එක සෙල්ලම් කරනවා දැක්කා කිව්වොත් සමහරවිට Roar කියවන ඔබ පුදුම වේවි! පසුගිය දවස්වල ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සංසරණය වුණු, Clash of Clans ක්‍රීඩා කරන ආච්චිගේ පින්තූරෙත් මේ වන විටත් ඔබ දැක ඇතුවා වෙන්නට පුළුවනි.

දැන් ෆෝන් එකේ එල්ලිලා ඉන්නේ තරුණ තරුණියෝ විතරක් නෙමෙයි
නමුත් කතන්දරේ ඒකමත් නෙවෙයි, මේ ගේම් එක සෙල්ලම් කරමින් ගිය මහත්මයා දෙපැත්තේ වාඩි වෙලා උන්නේ ඒ මහත්මයාගේ වයසේම වාගේ තවත් මහත්මයෙක් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්- මේ දෙන්න අතරෙ සිදු වුන දෙබස, සමහරවිට සිද්ධ වුන දේ ගැන ඔබට අනුමානයක් මේ වනවිටත් ඇතිවා වෙන්න පුළුවන්.

“ බලන්නකෝ අර අහවලාගේ පුතා, මුළු දවසෙම ගේම් ගහනවානේ!” ඔන්න ඔය විදියටයි අර සම-වයසේම වාගේ පෙනුන අනික් මහත්මයා කතාවක් පටන් ගත්තේ. අර තරුණ ශිෂ්‍යාවත් නිකං උන්නේ නෑ, දෙන්නත් එක්කම එකතු වෙලා අපේ ගේම් ගහන මහත්මයාව පොඩ්ඩක් විහිලුවට අල්ලගත්තා, නමුත් මේ සංවාදය හිනාව කට කොනකින් හංගාගෙන අහගෙන උන්නු මට වැදගත් දෙයක් අහන්න නොලැබුණා කියන්නත් බැහැ. උදේ පටන් රාත්‍රියේ නින්දට යායුතු වෙලාව වෙන තුරුමත්, නින්දට යා යුතුව ඇති වෙලාවෙත් පමණක් නෙවෙයි, අහාර ගන්නා වෙලාවේ පවා ජංගම දුරකතනයෙන් ගේම් සෙල්ලම් කරන දරුවෝ කිහිප දෙනෙක්ගේ හැබෑ කතන්දර කිහිපයක් මේ සංවාදයේදී අහන්න ලැබුණා. අන්න ඒ නිසාම Roar කියවන ඔබ වෙනුවෙන්, දවසෙම ජංගම දුරකථනයට ‘ඇබ්බැහි වී’ සිටීමෙන් ඇතිවිය හැකි අනිසි පල විපාක ගැන සොයා බලන්න කල්පනා කළා.

ජංගම දුරකතනයට ඇබ්බැහි වූ අය ගැන මනෝ විද්‍යාඥයන් කියන කතාව
ඔබත් මේ වගේ රැය පහන් කරනවා ද? මේ අනතුරු ඇඟවීම ඔබටමයි! (www.dailymail.co.uk)
ඔබත් මේ වගේ රැය පහන් කරනවා ද? මේ අනතුරු ඇඟවීම ඔබටමයි! (www.dailymail.co.uk)

මේ ගැන සොයා යද්දී අපට හොයාගන්න ලැබුනේ එක්සත් රාජධානියේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය Tomas Chamorro ප්‍රමුඛ මනෝ විද්‍යාඥ කණ්ඩායමක් විසින් පසුගිය වසරේ මේ පිලිබඳ කරන ලද අධ්‍යයනයක් පිළිබඳව යි. ජංගම දුරකථනය හා ජංගම දුරකථනය ආශ්‍රිතව නිරන්තර අන්තර්ජාලය සහ වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමෙන් කෙනෙකුට ඇති විය හැකි ප්‍රධාන ගැටළු කිහිපයක්ම මෙම අධ්‍යනයේදී අනාවරණය වී තිබුණා.

සමාජ විරෝධී පෞරුෂයක් වර්ධනය වීම
මේ අධ්‍යයනයේදී හෙළි වුන වැදගත්ම දෙයක් තමයි අධික ලෙස ජංගම දුරකතනයට හුරු වී සිටීමෙන් සෑම දස දෙනෙකුගෙන් එක් අයෙකුම සැබෑ ලෝකයේදී සමාජ ආශ්‍රයට අකමැති, සමාජ විරෝධී පුද්ගලයෙකු බවට පත්වෙන්න පුළුවනි යන්න. ඉතින් දවසෙම ජංගම දුරකථන ඔස්සේ ක්‍රීඩා කරමින් හෝ අන්තර්ජාලයේ හෝ සමාජ ජාලවල සැරිසරමින් ලබන විනෝදයෙන් පසුව මෙවැනි පුද්ගලයෙකු බවට තමන්ගේ පෞරුෂය වෙනස් වෙන්න ඉඩ අරින එක නම් පොඩ්ඩක් හිතල බලන්න ඕන කාරණයක් කියල තමයි අපිට හිතෙන්නේ.

‘රැල්ලට’ නොයා ඉන්න බැරිකම හෙවත් Fear Of Missing Out (FOMO)
මේක නම් ඇත්තටම බැලූ බැල්මට සමාජ ජාල දෙස බැලීමේදී අපටත් පැහැදිලිව පෙනෙන්න තියෙන දෙයක් වාගෙයි. නොයෙක් කාලයන්ට එන විවිධ ප්‍රවණතා එක්කම, විවිධ චැලේන්ජ්, විවිධ තරඟ බොහොම ඉක්මනින් හැමෝම කරන්න පටන් ගන්න හැටි අපටත් දකින්න ලැබෙනවානේ. ඉතිං මේ විධියේ සමාජ ප්‍රවණතා සමග ඒ විධියටම අනුගත වෙන්න ආසාවක්, එසේ නොවී ඉන්න නොහැකිකමක් සැබෑ ජීවිතයේදී පවා අපේ සිතේ ගොඩ නැගෙන්න අධික ජංගම දුරකථන භාවිතය හෙළි වෙනවා කියන කාරණයත් මේ පර්යේෂණයේදී හෙළි වෙලා තියෙනවා.

අවධානය ගිලිහී යාම/පහත මට්ටමකට වැටීම
ඔබගේ අවධානය ජංගම දුරකථනය සදාකාලිකවම උදුරාගනිවී ද? (www.bebrainfit.com)
ඔබගේ අවධානය ජංගම දුරකථනය සදාකාලිකවම උදුරාගනිවී ද? (www.bebrainfit.com)

මේ පර්යේෂණයෙන් හෙළි වුන තවත් කාරණයක් විධියට අවධානය රැකගැනීමේ අපහසුතා ඇතිවීමේ වැඩි අවධානමක් අධික ජංගම දුරකථන භාවිතය නිසා සිදු වෙනවා. අප නියැලී සිටින අධ්‍යාපනික හෝ වෙනත් ඕනෑම කටයුත්තකදී, අවධානය ගිලිහෙන එක නම් බරපතල ගැටළුවක් බව විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ තත්ත්වය අධික ජංගම දුරකථන භාවිතය නිසා වැඩි වෙන බවක් තමයි පර්යේෂක කණ්ඩායම ප්‍රකාශ කරන්නේ.

ඕනෑවටත් වඩා මමත්වය
පර්යේෂකයන් පිරිස පෙන්වා දෙන අයුරින් මේ අයට මුහුණ දෙන්න සිදුවන තවත් ගැටළුවක් තමයි පමණට වඩා අධික මමත්වය කියන්නේ. මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කලොත්, මේ අය පමණටත් වඩා අනවශ්‍ය තත්වයක් සහ අගයක් තමන් වෙනුවෙන් වෙන් කරනවා. ආත්ම විශ්වාසය අපේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් බව සැබෑ නමුත්, මේ කියන්නේ එහෙම දෙයක් ගැන නම් නෙවෙයි. තමන් විසින්ම තමන් ප්‍රසිද්ධ පුද්ගලයෙක් ගණයේ සලකන මානසික තත්වයක් ඇති වීමේ අවධානමක් සමාජ ජාල සහ අන්තර්ජාල භාවිතය අධික වීම නිසා ඇති විය හැකියැයි විද්‍යාඥයන් පවසනවා. මේ කාරණය ඇති වීමටත් ජංගම දුරකතනයේ සීමා රහිත භාවිතය නිසා සිදුවන බලපෑම විස්තර කරන්නට අවශ්‍ය නැති තරම්.

ලොව පුරා අන්තර්ජාල භාවිතා කරන්නන් අතරෙන් ඒ ඒ කලාපවල අන්තර්ජාලයට ඇබ්බැහි වූවන්ගේ ප්‍රතිශතය. (www.dailymail.co.uk/)

ලොව පුරා අන්තර්ජාල භාවිතා කරන්නන් අතරෙන් ඒ ඒ කලාපවල අන්තර්ජාලයට ඇබ්බැහි වූවන්ගේ ප්‍රතිශතය. (www.dailymail.co.uk/)

මීට අමතරව විද්‍යාඥයන් විසින් අනාවරණය කරගන්නට යෙදුණ තවත් වැදගත් කාරනා බොහොමයක් තිබෙනවා. ඔවුන් පවසන්නේ ලොව පුරා අන්තර්ජාල පරිශීලකයන් අතරින් මිලියන 182ක පමණ ප්‍රමාණයක් අන්තර්ජාලයට ‘ඇබ්බැහි වී’ ඇති තත්වයක් පෙන්නුම් කරන බවයි. ඔවුන් අනතුරු අඟවන්නේ මොවුන්ගෙන් සෑම සිව් දෙනෙකුගෙන් එක් අයෙකුම සමාජ විරෝධී හැසිරීම් ප්‍රදර්ශනය කිරීමේ සම්භාවිතාව අධික බවයි.

කොයි හැටි වේවා ජංගම දුරකථන, සමාජ ජාල සේම අන්තර්ජාලය කියන්නේ වර්තමාන ලෝකය උඩු යටිකුරු කල නිර්මාණ බව නම් නොකියාම බැරි තරම්. මෙම මෙවලම් සහ පහසුකම් නිසාම එදිනෙදා ජීවිතයේ කටයුතු සහ ව්‍යාපාර කටයුතු පහසු වී ඇතිවා සේම, අප වෙත ගෙන එන දැනුම සහ විනෝදය අසීමිතයි. සිතන්න, Roar හි මේ ලිපිය ඔබ වෙත එන්නේත් අන්තර්ජාලය ඔස්සේ ජංගම දුරකතනයක් හරහා විය හැකියි. අන්න ඒ නිසාම, මේ මෙවලම්, අපගේ ජීවිතයට හානිදායක නොවන අයුරින් භාවිතා කිරීම අප හැමදෙනාම සතු වගකීමක්.

ජීවිත පඩිපෙළින් බිමට පනින්නෝසරල සමාජයක මිනිසාට විසඳා ගැනීමට තිබුණේ සරල ප්‍රශ්න කීපයක් පමණකි. එහෙත් සංකීර්ණ සමාජයේ ජීවත් ...
21/06/2020

ජීවිත පඩිපෙළින් බිමට පනින්නෝ

සරල සමාජයක මිනිසාට විසඳා ගැනීමට තිබුණේ සරල ප්‍රශ්න කීපයක් පමණකි. එහෙත් සංකීර්ණ සමාජයේ ජීවත් වන මිනිසා පුළුල් සමාජ සබඳතා ජාලයක බැඳීම හේතුකොට ගෙන විසඳාගත යුතු ගැටලු ප්‍රමාණයද වැඩිවන්නට විය. පුද්ගලයා මුහුණ දෙන ගැටලු සියල්ලටම විසඳුම් සපයා ගැනීම අසීරු කරුණක් විය.

එහිදී නොවිසඳෙන ගැටලු තමා වෙත ගොනු වනවිට සහ තමා අයත් සමාජය හෝ සමාජ කාණ්ඩය එම ගැටලුවලින් මිදීමට පුද්ගලයාට ඉඩ නොදෙන විට කවර ආකාරයකින් හෝ එම ගැටලුවලින් පලා යාමට පුද්ගලයා තැත් කරයි. සමාජ ජීවිතය සමඟ ගැටුම්වලට ගොදුරු වන මිනිසා පළමුව ඒවා විසඳා ගැනීමට උත්සහ දරන නමුත් විසඳුම් සපයා ගත නොහැකි විට එහි ප්‍රතිඵලය ලෙස හෝ විසඳුම ලෙස සියදිවි නසාගැනීමට යොමු වීම ප්‍රබල සමාජ ගැටලුවක් බවට පත්ව තිබේ.

බුද්ධිමය වශයෙන් අනෙකුත් සතුන්ට වඩා උසස් තැනක සිටින මිනිසා ජීවිතය කෙරෙහි කලකිරී සිය දිවි නසා ගැනීමට යොමු වන්නේ කුමක් නිසාද යන ප්‍රශ්නය සමාජ විද්‍යාඥයන්ට, මනෝවිද්‍යාඥයන්ට ද බරපතළ ගැටලුවකි. ජීවී ලෝකයේ බොහෝ සත්ව වර්ගයා සිය ජීවිතය මරණය තෙක් පවත්වා ගැනීමට සහ අනපේක්ෂිතව තමාගේ ජීවිතය අන්තරාදායක තත්ත්වයකට පත් වූ විට මරණයෙන් ජීවිතය බේරාගැනීමට සියලු ප්‍රයත්න දරන බව සත්ව ලෝකය නිරීක්ෂණයෙන් අවබෝධ කර ගත හැකි වුවත් මිනිසා ඇතැම් ගැටලුවලදී සිය කැමැත්තෙන්ම ජීවිතය අත්හරින්නේ කුමක් නිසාද යන ගැටලුව සමාජ විද්‍යාඥයන්ගේ අධ්‍යයනවලට ද පාදක වී තිබේ.

සියදිවි නසා ගැනීම බැලූ බැල්මටම පෞද්ගලික කාරණයක් ලෙස පෙනී ගියත් එය සමාජ ප්‍රශ්නයකි. ඕනෑම සමාජයක ජනගහනයෙන් යම් ප්‍රමාණයක් දිවිනසා ගැනීමට ඉඩ තිබේ. එය ජනගහනයෙන් සියයට 05ක් නම් සාමාන්‍ය තත්ත්වයක් වන අතර සියයට 15ක් පමණ නම් බරපතළ තත්ත්වයකි. 2003 පමණ වන විට මෙම ප්‍රමාණය සියයට 60 දක්වා ඉහළ ගිය අතර ඉන්පසු ක්‍රමයෙන් සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතය පහළ වැටුණත් පසුගිය වසර දෙක පමණ තුළ වසරකට සියදිවි නසා ගැනීමේ සංඛ්‍යාව ඉහළ යාම බරපතළ ගැටලුවකි. තරුණ පිරිස සහ පාසල් වයසේ පසුවන පිරිස පසුගිය කාලයේ විවිධ ආකාරයේ ප්‍රශ්නවලින් පලා යාමට ජීවිතය අකාලයේ තොර කර ගැනීම සමාජ කතිකාවතක් ගොඩනැගීමට ප්‍රධාන සාධකයක් වී තිබේ.

කලකිරීම, ශෝකය, පසුතැවීම, සාංකාව, කාංසාව, අපේක්ෂාභංගත්වය වැනි මානසික පීඩාවන්ට ගොදුරු වූ පුද්ගලයන් සියදිවි නසා ගැනීමට යොමුවන බව සමාජ මනෝ විද්‍යාඥයන්ගේ නිගමනය වී තිබේ. එමිල් දුර්කයිම්, සිග්මන් ප්‍රොයිඩ්, කාල් මෙනින්ජර් ස්ට්‍රෙන්ග්ලර් යන සමාජ මනෝ විද්‍යාඥයන් මේ පිළිබඳ වැදගත් අදහස් ඉදිරිපත් කර තිබේ.

ප්‍රංශ ජාතික සමාජ විද්‍යාඥ එමිල් දුර්කයිම්ගේ විග්‍රහයට අනුව සියදිවි නසාගැනීම වූ කලී පුද්ගලයා සමාජයට බද්ධ වී ඇති ප්‍රමාණය අනුව සහ පුද්ගලයා සමාජයේ හුදකලා වීම හේතු කොට ගෙන සිදු වන දෙයකි. ඔහුගේ විග්‍රහයට අනුව දිවිනසා ගන්නා ආකාර ත්‍රිත්වයකි. එනම් ආත්මවාදී දිවි නසාගැනීම, පරහිතකාමී දිවිනසා ගැනීම සහ ඇනෝමීය දිවි නසාගැනීමයි.

පුද්ගලයා සමාජය සමඟ බද්ධ වී සිටින ප්‍රමාණය පහළ මට්ටමේදී පුද්ගලයා ආත්මීය වශයෙන් හුදෙකලා වූවක් සේ සලකා සියදිවි නසා ගැනීම ආත්මවාදී දිවි නසා ගැනීමෙන් අර්ථ ගැන්වෙයි. ඔවුන් එක් අපේක්ෂාවක දැඩි ලෙස එල්බගෙන සිටී. ශ්‍රී ලංකාවේ තරුණ දිවි නසාගැනීම්වලින් වැඩි ප්‍රමාණයක් ප්‍රේම සබඳතා කඩවීම හේතු කොටගෙන සිදු කර ගන්නා ඒවා බව පොලිස්පතිගේ පාලන වාර්තාවේදී පෙන්වා දී තිබේ. ප්‍රධාන වශයෙන් ආත්මවාදී දිවිනසා ගැනීම් සිදු කර ගනු ලබන්නේ අපේක්ෂා භංගත්වය හේතු කොට ගෙනයි.

තමා වෙනුවෙන් නොව අන්‍යයන් වෙනුවෙන්, යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් වෙනුවෙන් නැතහොත් මුළුමහත් සමාජයක් වෙනුවෙන් සිය ජීවිතය පරිත්‍යාග කිරීම පරාර්ථවාදී දිවිනසා ගැනීම ලෙස ඩුර්කයිම් හඳුන්වා දෙයි. මෙහිදී පුද්ගලයා සමාජය සමඟ දැඩි බැඳීමක් පවතී. යුද්ධවලදී සතුරන් අතට පත්වන භටයන් යුද රහස් එළිකර ගැනීමට ඉඩ නොතබා දිවි නසා ගැනීම, විරෝධය පෑමට ගිනි තබා ගෙන මිය යාම, ගරිල්ලා කණ්ඩායම් බෝම්බ පුපුරවා ගෙන මරාගෙන මැරීම පරාර්ථවාදී දිවි නසා ගැනීම් කාණ්ඩයට අයත් වේ. මෑත කාලයේ හිමිනමක් ගව ඝාතනයට විරෝධය පා මහනුවරදී සිය සිරුරට ගිනිතබාගෙන අපවත්වීම සමස්ත සමාජයක් වෙනුවෙන් සිදු කළ කටයුත්තක් යැයි අරුත් ගැන්වේ.

ඇනෝමීය දිවිනසාගැනීමේදී සිදු වන්නේ සමාජ ව්‍යූහයේ අපේක්ෂිත පිළිවෙළ ක්ෂණිකව බිඳවැටීම හේතුකොට ගෙන පුද්ගලයාට එය ඔරොත්තු නොදීමේ ප්‍රතිඵලයක් ලෙස සිය දිවි නසා ගැනීමයි. දිගු කාලීන යුදමය තත්ත්වයන්, විප්ලවකාරී දේශපාලන අරගල, හදිසි ව්‍යසනයන්, භීෂණ තත්ත්වයන් හේතුකොට ගෙන දිවිනසා ගැනීම ඩුර්කයිම්ගේ විග්‍රහයට අනුව ඇනෝමීය දිවිනසා ගැනීම්ය.

කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව ද පුද්ගලයන් සිය දිවි නසා ගනී. එය දෛවෝපගත දිවි නසා ගැනීම් ලෙස ඩුර්කයිම් හඳුන්වා දෙයි.

දිවිනසා ගැනීමේ මනෝවිද්‍යාත්මක විග්‍රහය ද බෙහෙවින් වැදගත් වෙයි. මේ පිළිබඳව සිග්මන් ප්‍රොයිඩ් ඉදිරිපත් කර ඇති මනෝවිශ්ලේෂණවාදය බෙහෙවින් වැදගත් ය. පුද්ගලයාගේ පරිකල්පන හා චිත්තවේග චර්යා ද ආතතීන්ට ගොදුරුවීම සහ එය වැඩි දියුණු වීමෙන් විශාදය නම් මානසික ‍රෝගී තත්ත්වයට පත්වීම දිවි නසා ගැනීම්වලට හේතුවන බව ප්‍රොයිඩ් විග්‍රහ කරයි. දිවිනසා ගන්නා පුද්ගලයා බරපතළ මානසික ව්‍යාධියකට ගොදුරු වී සිටිනවා පමණක් නොව දිවිනසාගන්නා අවස්ථාවේදී මිනී මැරුමකදී පවතින සාහසික බව තමා වෙත ආරෝපණය කර ගැනීමෙන් ආත්ම ඝාතනයට ලක්වන බව ද පෙන්වා දෙයි.

විශේෂයෙන්ම සියදිවි නසා ගැනීම් සඳහා මූලිකවම බලපා තිබෙන්නේ බිඳුණු නිවස සහ බිඳුණු පවුල යන සංකල්පයයි. මවුපියන් දරුවන් ඉදිරියේ දබර කර ගැනීම, පහරදීම්, එක් පාර්ශ්වයක් නිවස හැර යාම, දරුවන්ට නොසලකා හැරීම ආදිය දරුවන්ගේ පෞරුෂය කෙරෙහි අහිතකර ලෙස බලපාන බව සමාජ විද්‍යාඥයන්ගේ අධ්‍යයනවලින් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව තුළ දිවිනසා ගැනීම් බහුලව සිදු වන්නේ ප්‍රේම සම්බන්ධතා බිඳවැටීම සහ පවුල් අර්බුද හේතු කොටගෙනයි. එහිදී පෙම්වතා, පෙම්වතිය හෝ අඹු සැමියන් අතර ඇති වන ගැටුම් හමුවේ සිය දිවි හානිකර ගැනීමට යොමු වීම ගැටලුවකි. පෙම්වතා හෝ පෙම්වතිය හැරයාම පිටුපෑම නිසා පාසල් දරු දැරියන් වස පානය කිරීම, ගෙල වැලලා ගෙන මිය යාම, ගඟට පැනීම වැනි කාර්යයන්වලින් සිය දිවි නසා ගැනීම් ජනමාධ්‍ය කොතෙක් වාර්තා කළත් ඊට විසඳුමක් නැත.

දුගී බව, විරැකියාව, කාන්තාවන්ගේ ලිංගික අනාථභාවය, දිගුකාලීන රෝග පීඩා, අධ්‍යාපන අර්බුද, ගොවි ණය ගැති බව වැනි හේතු කාරණා නිසා ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම් සිදුවන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව තුළ සිදුවන දිවිනසා ගැනීම්වලදී බහුතරය තරුණ තරුණියන් වීම ප්‍රධාන ගැටලුවකි. සමස්තයක් ලෙස ගත්කළ සෑම වයස් කාණ්ඩයකම ස්ත්‍රීන්ට වඩා පුරුෂයන්ගේ දිවි නසා ගැනීම බහුල වී තිබේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 80ක් පමණ වෙයි. අප රට තුළ නාගරික ප්‍රදේශයන්ට වඩා ග්‍රාමීය ප්‍රදේශවල දිවිනසා ගැනීම් බහුල වී තිබේ. පවුල් අර්බුද, විවාහ ගැටලු සහ ණය ප්‍රශ්න මීට ප්‍රධාන ලෙස බලපා තිබේ. ජීවිතය විනාශ කර ගැනීමට ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් වස විස භාවිත කරන අතර කෘෂි කර්මාන්තය සඳහා යොදා ගන්නා වල්නාශක ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. ශ්‍රී ලංකාව තුළ මැදි වයසේ දිවිනසා ගැනීම් පහළ අගයක් ගන්නා අතර තරුණ සහ මහලු කාණ්ඩ වැඩි වශයෙන් සිය දිවි නසා ගන්නා බව පොලිස් වාර්තා සනාථ කරයි.

මුළු මහත් සමාජය පුරාම විහිදී ඇති මේ සමාජ ගැටලුව අවම කිරීම හා පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුව තිබේ. ළමා වියේ සිටම දරුවන් සමාජයට අනුගත කිරීම සහ පෞරුෂ වර්ධනය කෙරෙහි අවධානය පවුල වෙත භාර වන අතර පාසල් පද්ධතියේ ශිෂ්‍ය උපදේශනය පිළිබඳව විධිමත් ක්‍රමවේදයක් සැකසීම බලධාරීන් සතු යුතුකමක් හා වගකීමකි. ජීවිතය පිළිබඳ අවබෝධය සහ ජීවිතයේ ඇති වටිනාකම පිළිබඳ තරුණ පරපුර දැනුවත් කිරීම, ආගමික ජීවිතයට සමීප කරවීම සහ උපදේශන සේවා මගින් මිනිසාගේ අවුල් වියවුල් වූ මනසට ආමන්ත්‍රණයෙන් සහනයක් සැලසිය හැකිය. නව ජීවිතයක් ලබා දිය හැකි ය.(උපුටා ගැනීමකි)

විවාහ උපදේශනයවිවාහ දිවියේ ගැටලු ඇති වීම සාමාන්‍ය තත්වයක් වන අතර සාර්ථක පවුලක වුවද ගැටලු ඇති ව්ම ස්වභවික වේ.ඇතැම් අඹු සැම...
21/06/2020

විවාහ උපදේශනය
විවාහ දිවියේ ගැටලු ඇති වීම සාමාන්‍ය තත්වයක් වන අතර සාර්ථක පවුලක වුවද ගැටලු ඇති ව්ම ස්වභවික වේ.ඇතැම් අඹු සැමියන් එකිනෙකා තේරැම් නොගැනීම නිසා ගැටලු රාශියකට මුහුණ පායි. අඹු සැමියන් මේ ගැටුම් විසදා ගන්නා සාර්ථක ක්‍රම නොදන්නා විට විවාහය අනතුරැ දායක වේ.මෙසේ ඇතිවන විවාහ ගැටලු විසදා ගැනීමට විවාහ උපදේශනය මැදිහත් වීම සිදුකරයි.බොහෝ දියුණු රටවල විවාහ වීමට පෙර හා පසු උපදේශනයේ මැදිහත් වීම ලබා ගත්තද මෙරට එතරම් දියුණු තත්වයක් දැක ගත නොහැක.දරැවන් ඇති හෝ දරැවන් නොමැති,දරැවන් කීප දෙනෙකු ඇති,විවාහ වී වසර ගණනක් ගත වූ,විවාහ වී එකට ඡීවත් නොවන අය,දික්කසාදයට කැමැති අය ආදී සෑම පවුලකටම මෙම සේවාව ලබා ගත හැකිය.පුහුණුව ලත් දක්ෂ විවාහ උපදේශකයෙකු විසින් විවාහ යුවල අතර අන්තර් සබදතාවය දියුණු කර ඔවුන්ගේ චිත්තවේග කෙරෙහි අවධානය යොමු කරමින් චිත්තවේග බෙදා ගැනීමට උගන්වනු ලැබේ.නිරන්තරයෙන් විවාහ යුවල අතර පවතින ගැටුම් අවම කර ගැනීම සදහා මනා සන්නිවේදන කුසලතාවයන් වැඩි දියුණු කිරීමට උපදේශකවරයා මග පෙන්වයි.විවාහක යුවලවල් වල ඔවුන්ගේ ළමා කල සෘණාත්මක පෞරැෂ ලක්ෂණ නව විවාහ දිවියට අවශ්‍ය ධනාත්මක පෞරැෂ ලක්ෂණ වැඩි දියුණු කිරීමට මග සලසයි.උපදේශනය ලබා ගන්නා අතරතුර අනෙකාට වැඩි සැලකිල්ලක් දක්වන බව කෙනෙකුට දැනුනහොත් එසේ දැනීම නැති කිරීමට උපදේශකවරයාට නොහැකි විට වෙනත් උපදේශකවරයෙකු සොයා ගැනීම ඵලදායක වේ.

මිනිස් මොළයේ සතුට ගෙන දෙන රසායන ද්‍රව්‍යයන් අඩුවීමෙන් ඇතිවෙන ජීව විද්‍යාත්මක සිද්ධාන්තයේ අවසාන ප්‍රතිඵලය ලෙසට විෂාදය නැම...
19/06/2020

මිනිස් මොළයේ සතුට ගෙන දෙන රසායන ද්‍රව්‍යයන් අඩුවීමෙන් ඇතිවෙන ජීව විද්‍යාත්මක සිද්ධාන්තයේ අවසාන ප්‍රතිඵලය ලෙසට විෂාදය නැමැති මානසික රෝගය ඇතිවෙන බව මනෝවිද්‍යාත්මකව විග්‍රහ කෙරේ.

ලොව පුරා මිලියන 350 කට වඩා වැඩි පිරිසක් විෂාදය රෝගයෙන් පෙළෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන් පෙන්වා දේ. ලංකාවේ දැනට හඳුනාගෙන ඇති මිලියන දෙකක් (ලක්ෂ විස්සක්) පමණ වන මානසික රෝගීන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේද විෂාදය රෝගයෙන් වීම විශේෂත්වයකි. පුද්ගලයන්ගෙන් 5:1 අයකුට විෂාදය ඇති බවද වාර්තා වේ.

ඕනෑම වයසක පසුවන්නෙකුට විෂාදය රෝගය ඇති විය හැකිය. ළමා, තරුණ, වැඩිහිටි වශයෙන් ජීවිතයේ විශේෂ වයස් කාණ්ඩවලදී ඇතිවෙන විෂාදය රෝගයට බලපාන හේතූන් විවිධය.

කුඩා අවධියේ ඇතිවෙන විෂාදයට හේතූන්

• දරුවා කුස තුළ වැඩීමේදී මවට ඇතිවන ආතතිය, අමිහිරි අත්දැකීම්,
• පවුල් ආරවුල්
• පවුලේ අසමගිය
• පාසල් අධ්‍යාපනයේදී මතුවන පීඩාවන්
• අධික ලෙස බිය වීම
• දරාගත නොහැකි දඬුවම්වලට ලක්වීම
• ආදරය, කරුණාව, ආරක්ෂාව පවුල තුළ නැති වීම.
• ජානමය හේතූන් ආදී කරුණු බලපෑ හැකිය.

තරුණ වියේදී විෂාදය ඇති වීමට හේතූන්

• ළඟා විය නොහැකි ඉලක්කයන්ට ළඟාවීමට උත්සාහ දැරීම
• ශරීරය ඉක්මනින් වැඩීම, ලිංගික උත්තේජනය, හැඟීම් වෙනස්වීම් ආදී යෞවනයේදී ඇතිවන හෝමෝන ක්‍රියාකාරිත්වයන්හිදී ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියට බාධාවක් ඇතිවීම.
• ආදර සම්බන්ධතා බිඳ වැටීම
• අධ්‍යාපන කටයුතු අඩාළ වීම
• විවිධ ඇබ්බැහිවීම්වලට ගොදුරු වීම
• මව්පිය සෙනෙහස අහිමි වීම.
• පාසලේදී මුහුණ දෙන අමිහිරි අත්දැකීම්
• සුදුසුකම්වලට සරිලන රැකියාවක් නොලැබීම
• පෞරුෂත්ව දුර්වලතා (සුභවාදීව නොසිතීම) ආදී කරුණු විෂාදය රෝගය ඇතිවීමට බලපා හැකිය.

මැදිවිය වැඩිහිටි වියේදී විෂාදය ඇතිවීමට හේතූන්

පුළුවන් කාලේ කරන්න බැරි දෙයකුත් නැහැ. බැරි වෙන කොට කරන්න පුළුවන් දෙයකුත් නැහැ. වයසට යෑමත් සමග බොහෝ පුද්ගලයන්ගේ මනසට ඇතිවන්නේ තමා දැන් සමාජයට අවශ්‍ය නොවන පුද්ගලයෙකු බවය. දරුවන්ට තමා කරදරයක් බවය. වගකීම් අන් අයට පැවරීම, හුදෙකලා බව, දරුවන් යටතේ යැපීම, ආර්ථික අපහසුතා, වයසත් සමග රෝගයන්ට ගොදුරු වීම, අන් අයගේ නොසලකා හැරීම, ආදී කරුණුද පිළිකා, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝගයන්ට ගොදුරු වීමෙන් ඇති වන මානසික පීඩනයද විෂාදයට බලපෑ හැකිය.

රෝග ලක්ෂණ

කුඩා කාලයේදී

• බොහෝ කුඩා දරුවන් විෂාදයෙහි රෝගී ලක්ෂණ පෙන්වනුයේ කායික රෝගයක් ලෙසටය. බඩ රිදීම, හිසරදය, හේතුවක් නොමැතිව ප්‍රකාශ කිරීම.
• මව සමග හෝ තම ආදරණීයන් සමග සිනා නොවීම.
• නිතර දුක්මුසු ස්වරූපයෙන් සිටීම.
• නිතර මුත්‍රා පිටකිරීම (රෝගය උත්සන්න වීමෙන් රාත්‍රියේදී ඇඳ තෙමිය හැකිය)
• නින්ද නොයෑම
• කෑම බීම ගැනීම ප්‍රතික්ෂේප කිරීම
• පාසල් යෑමට, බාහිර පන්තිවලට යෑමට මැළිකමක් දැක්වීම
• අලස බව
• වැඩිහිටි සහෝදරයන් සමග සම වයසේ යහළුවන් සමග පවා කතා බහ කිරීම, සෙල්ලම් කිරීම ප්‍රතික්ෂේප කිරීම.

තරුණ

• තමා ප්‍රශ්නයකින් සිටිනා බව අන් පාර්ශ්වයන්ට ප්‍රකාශ කරයි.
• කෑම ගැනීමට මැළිවීම
• නින්ද නොයෑම
• ආශාවෙන් කළ කිසිම ක්‍රියාවක් උනන්දුවෙන් නොකරයි.
• මට කිසිම වැඩක් කරන්න බැහැ කියා අශුභවාදීව සිතීම.
• දුක්මුසුව සිතයි
• මටමයි ප්‍රශ්න මේ ප්‍රශ්න කවදාවත් ඉවරවෙන්නෑ යනුවෙන් නිතර සිතයි.
• අධික ලෙස තරහා යෑම
• නොසන්සුන් බව
• කලහකාරී හැසිරීම
• හේතු රහිතව බාහිර පාර්ශ්වයන් සැක කිරීම
• ජීවිතය හානිකර ගන්නා බවට ප්‍රකාශ කිරීම හෝ ජීවිතය හානි කර ගැනීමට උත්සාහ දැරීම.

වැඩිහිටියන්ට

• ශරීරයේ තැනින් තැන දැවිල්ලක් ඇතිවීම
• හේතුවක් නොමැතිව කායිකව ඇතිවෙන රෝග පීඩාවන් ගැන ප්‍රකාශ කිරීම
• උදාසීන බව
• ශාරීරික ශක්තිය හීන වීම
• නිතර අසුබවාදීව සිතීම
• බාහිර පාර්ශ්ව සැක කිරීම

ප්‍රතිකාර

විෂාදය රෝගය මානසික රෝගයක් බැවින්, කායික රෝගයක් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුවන තරම් ඉක්මනින් මෙම රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු නොවේ.

• මොළයේ රසායන සමතුලිතතාව රඳවා ගැනීමට ඖෂධ ලබාදීම.
• මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම
• මනෝචර්යාත්මක ප්‍රතිකාර
• පෞරුෂය වැඩිදියුණු කර ගැනීමට උපකාරී වීම
• විශ්ලේෂනාත්මක චින්තනය
• ස්වයං අවබෝධයට හුරුවීම
• ප්‍රශ්න ඇතිවීම ජීවිතයට අභියෝගයක් විනා, පසුබෑමට හේතුවක් නොවනා බව රෝගීන්ට පහදාදීමට උත්සාහ දැරිය යුතුය.
• විෂාදය රෝගයට ගොදුරු වූ කුඩා දරුවන් රෝගයෙන් මුදවා ගැනීමට පහත කරුණු අනුගමනය කළ හැකිය.
• ආදරයෙන්, සෙනෙහසින්, කරුණාවෙන් දරුවන් හදාවඩා ගැනීම.
• දරුවන්ට නිතර සවන් දීම
• මුරණ්ඩු ලෙස හැසිරෙන දරුවන්ගේ ක්‍රියාවන් උපේක්ෂාවෙන් විඳදරා ගැනීම
• දරුවා ආතතියෙන් මුදවා ගැනීමට ආසා දෙයකට යොදවන්න
• චිත්‍ර ඇඳීම, සංගීතයට සවන්දීම, කාටුන් නැරඹීම, නර්තනයේ යෙදීම, සම වයසේ දරුවන් සමග විනෝදවීම ආදී.



ලෝකයේ බහුලව වාර්තාවෙන විෂාදය රෝගය පුරුෂ පාර්ශ්වයට වඩා දෙගුණයක් කාන්තාවන් ය එයට හේතුව මසකට වරක් හෝර්මෝන වල සිදුවන වෙනස් වීමයි... ඉක්මනින් මානසික රෝග වෛද්‍යවරයෙක් හමුවෙන්න ඔවුන් ඔබට න්....

මානසික රෝග විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර මහත්මියගේ ලංකාදීප වෙබ් අඩවියේ පලවූ ලිපියක් ඇසුරින් උපුටා ගන්නා ලදී

ඔබ අවදානමකින්ද?මෑතකදී කෙරුණු සමීක්ෂණවලින් හෙළි වෙලා තියෙන ආකාරයට ආයතනයක සේවකයින්ගෙන් 70% - 80% ත් අතර ප‍්‍රමාණයක් තමන්ගේ...
17/06/2020

ඔබ අවදානමකින්ද?

මෑතකදී කෙරුණු සමීක්ෂණවලින් හෙළි වෙලා තියෙන ආකාරයට ආයතනයක සේවකයින්ගෙන් 70% - 80% ත් අතර ප‍්‍රමාණයක් තමන්ගේ වැඩවලට 100% ක්ම අවධානයෙන් නැහැ. සේවකයින් තමන් කරන වැඬේට 100% ක් අවධානය නැහැ කියන්නේ වැඩ කරන පරිසරයකට එතරම් හොඳ දෙයක් නෙවෙයි. මේ නිසා සේවකයින් වැඩට නොපැමිණීම වැඩි වෙන්නත් ආයතනයේ ගනුදෙනුකරුවන් එක්ක තියෙන සම්බන්ධතාවය නරක අතට හැරෙන්නත් ඉඩ තියෙනවා.

ඒ නිසා ඵලදායී පරිසරයක්, එහෙම නැත්නම් වැඩක් කෙරෙන තැනක් නිර්මාණය කිරීම, සේව්‍යයාගේ එහෙම තැන්නම් ආයතනයේ වගකීමක් වෙනවා. අනෙක් අතට සේවකයිනුත් මේ තත්වය තේරුම් අරගෙන තමන් වැඩ කරන තැන හා සම්බන්ධ මානසික ආතතිය කළමනාකරණය කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒකට හොඳම ක‍්‍රමය තමයි relax කරන එක.

මානසික ආතතියෙන් මිදී රැකියාවේ යෙදීමට නම්,

ඔබ කළ යුත්තේ කුමක්ද?
මේ ඒ සඳහා සුදුසු ක්‍රම කිහිපයකි.

• ඔබට ඉටු කළ නොහැකි කිසිවක්, කිසිදු අවස්ථාවක පොරොන්දු නොවන්න

• ඔබේ චිත්තවේග මඟින් ඔබ පාලනය කිරීමට පෙර, ඒවා පාලනය කර ගන්න

• හාස්‍ය දැකීමේ හා ප්‍රකාශ කිරීමේ හැකියාව වර්ධනය කර ගන්න

• යමක පරිපූර්ණත්වය නොසොයන්න

• තමා මෙන් ම සෙසු අය සියුම්ව පාලනය කිරීමට නොයන්න

• ඔබට අවශ්‍ය නින්ද ලබා ගන්න

• රාජකාරිය සඳහා විනාඩි 10කට හෝ 15 කට පෙර පැමිණීමට උත්සාහ ගන්න

• රාජකාරිය අතරතුර කෙටි විවේකයක් ගන්න

• දහවල් ආහාරය ලබා ගැනීමේ දී කෙටි ඇවිදීමක් හෝ යම් දිගැදුම් ව්‍යායාමයක් කරන්න

• කැෆේන් අඩංගු පාන වුවමනාවට වඩා පානය නොකරන්න

• උදෑසන ආහාරය හෝ දහවල් ආහාරය මඟ නොහරින්න

• කාන්සාව, හිසරදය, තරහව ආදී මානසික ආතතියට හේතු වන ලක්ෂණ හඳුනාගත් විට, ආරම්භයේදීම එය ඉවත් කර දමන්න

* රාජකාරියේ දී මිතුරන් හෝ මිතුරු පක්ෂයක් ඇතිකර ගන්න

* ඔබේ මානසික ආතතිය පිළිබඳ තවත් අයෙකුට පවසන්න

* ඔබේ හුස්ම පිළිබඳ සැලකිලිමත් වී, සෙමෙන් සහ ගැඹුරින් ආශ්වාස ප්‍රාශ්වාසයේ යෙදෙන්න

*ඔබේ පවුලේ ඡායාරූපයක් හෝ ඔබ තුළ සතුට ඇති කරන ඡායාරූපයක්, ඔබ සේවය කරන ස්ථානයේ, ඔබේ මේසය අසල නිතර පෙනෙන තැනක තබා ගන්න

* වර්මානය ගැන අවධානය යොමු කරන්න. (අතීතය ගැන වේදනා උපදවා ගැනීම හෝ අනාගතය සමඟ ගැටීමෙන් වලකින්න)

* හුදෙකලාව විසීමට කාලයක් වෙන් කර ගන්න

* දුක තුනී කර ගැනීමට පීඩාවකින් තොර ක්‍රමයක් තෝරා ගන්න. (හැඬීම හෝ කොට්ටයට පහර දෙන්න)

* ඔබේ දින චර්යාව වෙනස් කරන්න

* එකවර කාර්යය කිහිපයක් කිරීමට උත්සාහ නොකරන්න

* ජීවිතයට වඩා වැදගත් කුමක්දැයි ඔබ නිතර නිතර මතක් කරන්න

* ඔබේ කුසලතා තහවුරු කරන්න. ඔබ කරන කාර්යයේ දී වඩා හොඳින් සහ වේගවත්ව එය කරන්න

* ඔබෙන් බලාපොරොත්තු වන දේ පිළිබඳ සැබැවින්ම ඔබට අවබෝධයක් තිබේද? යන්න දැනගන්න.(මෙහි දී ඔබේ ප්‍රධානියා සමඟ සාකච්ඡා කිරීම වැදගත් වේ)

* විවිධ අවස්ථා ගැන වෙනස් මානවලින් හෝ කෝණවලින් බැලීමට උත්සාහ ගන්න

* ඔබේ පෞරුෂත්වයට ගැළපෙන කාර්යයක් සොයන්න

* නැහැ හෝ බැහැ යන්න පැවසිය යුතු අවස්ථාව අවබෝධ කර ගන්න

* පසුබැසීමක දී ක්‍රියාවෙහි නැංවිය හැකි සැලසුමක් සෑම විටම තබාගන්න. (දෙවැනි සැලසුමක් තබාගන්න)

* සෑම විටම හොඳින් සංවිධානය වී කටයුතු කරන්න

* රාජකාරි කරන ස්ථානය පිරිසුදුව, පිළිවෙළට තබා ගන්න

* කල් දැමීම්, අතපසු වීම්, ප්‍රමාද වීම් නවත්වන්න

* සෑම විටම වැඩ පිළිබඳ අධ්‍යයනයකින් කටයුතු කිරීමට උනන්දු වන්න

* ඔබට වඩාත් පහසු සහ ඔබ වෙත ආකර්ෂණයක් කෙරෙන ඇඳුම් අඳින්න

* ධනාත්මක ප්‍රතිඥාවක් සෑම විටම මුමුණන්න

* ඔබේ ප්‍රධානියා කළමනාකරණය කිරීමට ඉගෙන ගන්න

• සිත සන්සුන් වන භාවනාවක් පුරුදු වන්න

• ඍණාත්මක අදහස් ඇති පුද්ගලයන් හැකි තරම් ආශ්‍රයෙන් ඉවත් වන්න

• ඔබේ රැකියාවේ ඔබ කැමැති දේ පොතක සටහන් කරන්න

• පසුගිය වසරේ දී ඔබ අත්පත් කරගත් සියලූ ජයග්‍රහණ, ලැයිස්තුගත කරන්න

•ඔබේ ජීවන ඉලක්කය පැහැදිලිව දකිමින්, දිනපතා ඉදිරියට පියවරක් තබන්න. එම පියවර මොන තරම් කුඩා වූවත්, එය ඔබේ අවසාන ඉලක්කයට වැදගත් වේ.

• ඔබ ඔබටම ආදරය කිරීමට ඉගෙන ගන්න

• සෑම විටෙකම මුහුණෙහි සිනහවක් රඳවා ගන්න

• ඔබ සතුටට පත් කරන විනෝදාංශයක නිරත වන්න

• ප්‍රමුඛතාවලට අනුව කටයුතු කිරීමට ඉගෙන ගන්න

• සෙසු අය සමඟ ඔබ සංසන්දනය නොකරන්න

•ඔබට උදව්වක් අවශ්‍ය වූ විට, නොපැකිලව එය ඉලන්න

•බැරෑරුම් රාජකාරියක් නම්, එය කොටස්වලට වෙන් කර සිදු කරන්න

• ඔබේ සීමා දැනගන්න. සෙසු අය ද ඒවා දැනගැනීමෙහි වරදක් නැත

• පාලනය කිරීමට නොහැකි දේ පාලනය කිරීමට උත්සාහ නොකරන්න

රැකියා ආතතිය යන්න පොදුවේ නිර්වචනය කරන්නේ නම් "කෙනෙකු තුලින් මතුවන ඡීව විද්‍යාත්මක හා කායික අවශ්‍යතාවයන් මෙන්ම භාහිර වශයෙන් ඇතිවන විවිධ ඉල්ලීම් හා බලපෑම්, අදාල පුද්ගලයා තුල ඒවාට නිසි අයුරින් හැඩගැසීමට ඇති හැකියාවට වඩා වැඩි වන අවස්ථාවන් රැකියා ආතතිය ලෙස හැදින්විය හැක."

මේ අනුව රැකියා ආතතිය හා අන්තර් සම්බන්දිතව පවතින ප්‍රධාන නිර්ණායකයන් 03ක් හදුනාගත හැකිය.

1. අප ඡීවත් වන පරිසරය තුලින් ආතතිය සදහා බලපානු ලබන උත්තේඡකයන් ඇති වේ.

2. පරිසරය තුලින් ඇතිවන උත්තේඡකයන් සදහා පුද්ගලයන් විසින් ප්‍රතිචාර දැක්වීමට හැඩ ගැසෙනු ලැබේ.

3. ආතතිය ඇතිවීම සදහා පුද්ගලයන් තුල පවතින පුද්ගලික වෙනස්කම් ද බලපානු ලැබේ.

ආතතිය ඇතිවීම සදහා පලමුවෙන්ම අප අවට පරිසරයෙන් යම් බලපෑමක් ‍හෙවත් උත්තේඡකයක් ඇතිවිය යුතුය. උදාහරණයක් වශයෙන්, යම් සංවිධානයක සේවාදායකයින්ගේ කායික හා මානසික ප්‍රතිචාර වලට හේතුවක් ලෙස අදාල සංවිධානයේ කළමණාකාරිත්වයේ ක්‍රියාකලාපය බලපානු ලබන ආකාරය දැක්විය හැකිය.

ආතතිය ඇතිවීම සදහා මීලගට බලපානු ලබන කොන්දේසිය වන්නේ පරිසරයෙහි ඇතිවන්නා වු බලපෑම් සහ උත්තේඡකයන් වලට ප්‍රතිචාර දැක්වීමට සදහා පුද්ගලයන් විසින් උනන්දු වීමයි. උදාහරණයක් වශයෙන් ඉහත සදහන් කරන ලද ආකාරයට සංවිධාන කළමණාකාරිත්ව විසින් සේවාදායකයින් කෙරෙහි අයහපත් ආකාරයට බලපෑම් කරන විට, සේවකයින් කායික ‍හෝ මානසික වශයෙන් ප්‍රතිචාර දැක්වීමට උත්සාහ දැරිය හැකිය. මේ අනුව, සේවකයින් විසින් සිය කාර්්‍යඵලයන් අවම කිරීම, රැකියාවට නොපැමිණීම, රැකියා අතෘප්තියට පත්වීම, සංවිධානය අතහැර යාම ආදිය දැක්විය හැක

උපුටා ගැනීම මානසික වෛද්‍ය සංසදය

ප්‍රේම සබදතාව බිද වැටීමෙන් පසු ඊළගට කුමක්ද කළ යුත්තේ?(what have to do next, after breakup of love relationship)---------...
16/06/2020

ප්‍රේම සබදතාව බිද වැටීමෙන් පසු ඊළගට කුමක්ද කළ යුත්තේ?
(what have to do next, after breakup of love relationship)
----------------------------------------------------------------------------

මිනිස්සු විදියට අපි ආදරේ කරනවනේ. ප්‍රේමය අත් විදින්න කැමතියිනේ. අපිටම කියලා ජීවිත කාලයටම සහකරුවෙක් හෝ සහකාරියක් ඉන්නවනම් කොච්චර දෙයක්ද නේද?

හැබැයි තමන් අත් විදපු ආදරේ කඩන් වැටුනම කප්පරක් පොදි බැදන් ආපු ඔක්කොම හීන ඇස් පණා පිට එකින් එක බිද වැටෙනකොට දැනෙන වේදනාව කළකිරීම අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.ඒ වේදනාව අත් විදපු අය හොදටම දන්නවනෙ. නූතනයේ සිටින තරුණ පිරිස් මානසික ආබාධ වලට ගොදුරු වීමද මේ නිසා බහුලව සිදු වෙනවා.

මම මේ කාරණාවේදී මනෝ විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ ආදර සම්බන්ධයක් බිද වැටුනම ඊළගට ක්‍රියාත්මක වෙන්න ඕනි කොහොමද කියන දේ. හරි අපි එකින් එක අවබෝධයක් කරගමු.

📌 ප්‍රමාණවත් නින්දක් ලබාගන්න
(Prioritize adequate sleep)
---------------------------------------------------------------------------
කෙනෙක් අහන්න පුලුවන් ප්‍රමාණවත් නින්දක් ලැබුවම හරියනවද කියල? ඔව් හරියනවා. හේතුව තමා ආදරයේ වෙන්වීමෙන් දැනෙන මානසික ආතතිය සමනය කරන්න නින්ද ඕනි. ඒ කියන්නේ අපේ මොළේ release කරන chemicals සමතුළිත (Balance) කරන්න නින්ද කියන එක වැදගත්.

ඔයා ඇහැරලා ඉන්න හැම වෙලාවකම වගේ ඔයාගේ ආදරේ කරපු කෙනා මොළේ විසින් මතක් කරවනවා.නමුත් ඔයා නින්දක් ලබාගත්තම කෙටි කාලයකට ඔයාගෙ ආදරේ මතක යටපත් කරවන්න උදව් කරවනවා. ඒක මානසිකව සහනයක්.

📌 ආදරණීය මතකයන් අයින් කරන්න
(Unleash the loving memories)
-----------------------------------------------------------------------------
එයා ඔයාට දුන්නු ආදරණීය මතකයන්/ Gifts ඔයාගෙ ඇස් මානයෙන් අයින් කරන්න. පේන්නෙ නැති විදියට කබඩ් එකක දාලා වහන්න.තියාගන්න අකමැතිමනම් ඒ දේවල් විසි කරලා දාන්න. ඒක ඔයාට ලොකු මානසික සහනයක් වෙයි. නැතිනම් ඒ දේවල් දකින වාරයක් පාසා ඔයාගෙ මානසිකත්වය නරක විදියට විදවන්න ගන්නවා.

📌 පුලුවන් තරම් දුක් වෙන්න
(Let yourself be sad)
---------------------------------------------------------------------------
ඇයි මෙහෙම දෙයක් කියන්නේ? හේතුව තමයි ඔයා ඒ විරහවේ දුක මානසික වශයෙන් හිර කරන් හිටියොත් ඔයා ඇතුළාන්තයෙන්ම විදවන එක වළක්වන්න බෑ. හැබැයි ඒ දුක කදුළු වලින් හෝ වෙනත් ඕනිම ක්‍රමයකින් පිට කලොත් ඔලුව හිස් කරගන්න පුලුවන්.

අඩන අය අඩන්න/ ජිම් යන අය ජිම් යන්න/ ඉගෙනගන්න අය ඉගෙනගන්න/ ක්‍රීඩා කරන අය ක්‍රීඩා කරන්න/ පොත් කියවන අය පොත් කියවන්න. සමහර මිනිස්සු තමන්ගෙ ඇතුළාන්තයෙ ඉන්න විරහව මුදා හරින්නේ මේ දේවල් වලින්.වරදක් නැත. සියල්ලෙන්ම වෙන්නේ විරහවේ ආවේගය පිට කරන එක. විය යුත්තේ එයයි.

📌 සංගීතයට හා ගීත ඇසීමට පුරුදු වෙන්න
(Get used to listening to music and songs)
---------------------------------------------------------------------------
විරහවෙන් ගිලන් වෙච්ච කෙනෙක්ට සංගීතය යනු දිව ඔසුවක්.ඔලුව ඇතුලේ තියෙන වේදනාව පාලනය කරන්නත් ,මුදා හරින්නත් මේ සංගීතයට පුලුවන්. ඔයා කැමති ලස්සන ගීත හැමදාම අහන්න. පුලුවන් අය සංගීත පාඩම් ඉගෙනගන්න.

තවත් පුලුවන්නම් ගිටාර් එකක් play කරන විදිය/ ඕගන් එකක් play කරන විදිය වගේ සරළ සංගීත පාඩම් වලට අවධානය යොමු කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා. අපේ මොළය ඒවට පුරුදු කළම භාහිර සාධක එක්ක තියෙන Connections Disconnect කරන්න උදව් වෙනවා.

📌 පොත් කියවන්න පුරුදු වෙන්න
(Read the books)
--------------------------------------------------------------------------
පොතක් යනු මනුස්සයෙක්ගෙ ආත්මය ස්පර්ශ කරන්න පුලුවන් මැජික් එකක්. ඒ මැජික් එකට පුලුවන් ඔයාගෙ විරහා වේදනාව අමතක කරවන්නත්. ගොඩාක් අය ඉතිම් පොත් කියවන්න කැමති නෑනේ. නමුත් පොතක් පතක් කියවන්න පුලුවන්නම් ඔයාගෙ දැනුම පවා වැඩි වෙනවා. පොතකට ඔලුවක් ලස්සනට හදන්න පුලුවන්.

📌 තමන් කැමති ස්ථාන වලට හෝ සංචාරයන්ට යොමු වෙන්න.
(Refer what your favorite places or tours)
---------------------------------------------------------------------------
සංචාරයට පුලුවන් මිනිහෙක් මානසික වශයෙන් පරිපූර්ණ කරන්න. මනස සැහැල්ලු කරනවා වගේම ඔයාට මානසික සතුටක් දෙනවා.ඔයා කැමති යාලුවෝ එක්ක කැමති තැන් වල සංචාරය කරන්න පුලුවන්නම් ඒකෙන් ඔයාගෙ විරහව යටපත් කරවන්න උදව් වෙනවා. ක්‍රියාදාම වලට ආස කෙනෙක්නම් කදු නැගීම වගේ ක්‍රියාකාරකම් වලට යොමු වෙන්න.ඒකෙන් ඔයාගෙ සැහැල්ලුව ඇති කරවනවා.

📌 පවුල සමග කාලය ගත කරන්න
(Spend time with family)
----------------------------------------------------------------------------
ආදරේ කරන කාලේ ඔයාට ඔයාගෙ ආදරණීය පව්ල මගෑරිලා තියෙන්න පුලුවන්. හැබැයි දැං තමා අවස්ථාව ඒ මගෑරුණු කාලය නැවත පවුල එක්ක විදින්න.

එයාල එක්ක රාත්‍රී ආහරය ගන්න/කතා බහ කරන්න/ සතුටු වෙන්න/අදහස් හා යෝජනා බෙදාගන්න.ජීවිතය විදින්න.

📌 ඔයා කැමති චිත්‍රපට රස විදින්න
(Enjoy the movies what you like)
----------------------------------------------------------------------------
සමහර වෙලාවට පොත් කියවන්න කම්මැළි අයට මේක හොද විසදුමක්. ඔයා කැමති වර්ගයේ Films බලන්න. මේ දේවල් තුළින් ඔයාගේ මානසික විරහා වේදනාව නැති කරන්න පුලුවන්. කටුක අතීතය මකන්න මේ දේවල් උදව් වෙනවා.

ඔයාට මේක බරපතළ විදියට නොතේරුනාට මේ ක්‍රියාකාරකම් එක්ක ඔයාගෙ මොළය තුළ ලොකු පෙරළියක් වෙනවා.කාලයක් එක්ක ඔයා හිතන පතන විදිය පවා වෙනස් වෙනවා. ඇත්තටම ඔයාගෙ හිතට මේ දේවල් ඔසුවක් වගේ බළපානවා.

📌 අද්‍යාපනික වශයෙන් උගත් අයෙක් වෙන්න.
(Be an educated person)
----------------------------------------------------------------------------
ඔයාගෙ ප්‍රේම සම්බන්ධය බිද වැටුනම ඔයාගෙ ඉගෙනුම කවදාවත් අඩපණ කරගන්නෙපා. හිතන්න ඔයා ආදරේ කරපු කෙනා ඔයාව දාලා ගියාම ඔයා ඔයාගෙ අද්‍යාපනය නතර කරගත්තොත් ඔයාගෙ අනාගතයට මොකද වෙන්නෙ? ඔයාගෙ දෙමාපියන්ට මොකද වෙන්නෙ? ඔයාගෙ හැම දේම නාස්ති කරගන්නවද?

මේ කාරණාව ඔයාමයි මානසික විදියට හිතලා තීරණය කරන්න ඕනි. භාහිර පුද්ගලයෙක් වෙනුවෙන් තමන්ගෙ අනාගතය සහ තමන්ගේ දෙමාපියන්ගේ බලාපොරොත්තු විනාශ කරන මට්ටමට වැටෙන්නෙපා.

උගත් පුදගලයෙක් විදියට තමන්ගෙ අනාගත දරුවන් ඉදිරියේ පෞර්ෂයක් සහිත අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් විදියට පිට කොන්ද හදාගෙන තියාගන්න.අනාගත ආයෝජනය එයයි.

📌 ඔයාගෙ අනාගතය සැළසුම් කරන්න
(Plan your future)
---------------------------------------------------------------------------
බිදුණු ප්‍රේමය සමග ජීවිතයද සමතලා වුවහොත් එතනින් එහාට ඔබ කියා කෙනෙක් නැත. ඒ නිසා බිදුණු ප්‍රේමය එක්ක කල් ගෙවන්න එපා. අලු ගසා දාලා නැගිටින්න. ආයෙම ජීවිතයේ අතපසු වූ සියල්ල නැවත ඉදිරියටම ගෙනියන්න.

ඔයාගේ අනාගත ජීවිතය සිදු විය යුතු ආකාරය සැළසුම් කරන්න. ඒ සැළසුමට අනුව වැඩ කරන්න.ඔයා හැමදේටම වඩා ශක්තිමත් බව පෙන්වන්න.ජීවිතේ පුලුවන් උපරිමේටම යන්න.

ඔබ නොදන්නවා වුනාට ජීවිතයේ ඉහළටම නැගලා Life එක Success කරගත්ත මිනිස්සුන්ටත් ඔයාට වගේම අදුරු කතාවක් තියෙනවා.!

සුභ අනාගතයක්..!

Address

Kuliyapitiya

Telephone

+94761193431

Website

Alerts

Be the first to know and let us send you an email when V_ANA Wedding proposal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to V_ANA Wedding proposal:

Share