Creative Designs | Conceptual Architecture | Construction Services
From conceptual architecture to eco-friendly marvels, heritage restorations to bespoke house, hotel, and villa designs. Liyapatha provides professional, innovative designs to your living environment with the flexibility to suit your view. Our commitment to adding colors to your dreams and customers have the flexibility and comfort
of adding comments and views as they dream.
සෞන්දර්ය යනු සත්වයා ලොව පහල වීමත් සමග ඒ හා බැඳී පවතින ධර්මතාවකි. මෙය හුදෙක් ජීවියාගේ පැවැත්ම සඳහා ආශ්වාදය උදෙසා ලොව පහල වූ සුවිශේෂ සිතුවිලි සමූහයකි. නමුත් කලාව සත්වයාගේ මැදිහත් වීම මත පරිකල්පනයෙන් සිදුවන සෞන්දර්යාත්මක නිර්මාණ ලෙස හැදින්විය හැක. මෙය අධ්‍යාත්මික සුවය හෝ ලෞකික සුවය හෝ විය හැකි අතර පුද්ගල අවශ්‍යතාවය මත මෙම කලාව වෙන්කර ගත හැක. ඒ අනුව ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට උරුම වූ ලොවක් මවිතයට පත්කල කලා ඉතිහාසයක් අපට ඇත. ඒ ශ්‍රී ලංකාව තුල යුග යුග වල බිහි වූ විවිධ නිර්මාණ අදට ද ශේෂව ඇත්තේ අපට උරුමව පැවති කලාවේ උත්තරීතර බව ලොවට විදහා පාමින්ය. බුදු දහමත් සමග ඔප නැංවුනු අපේ උරුමය අද අපේ සමාජයට ගැලපෙන්නේ කෙසේද යන්නත් එවා ලොව නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් එවැනි නිර්මාණ යලි මිහිමත බිහිකිරීමයි හුදෙක් අපගේ මේ ප්‍රයත්නය.
මෙවන් අරමුණක් පෙරදැරිකරගෙනයි ‘ලියපත‘ නිර්මාණයන්ට පමණක්ම සීමා නොවූ අධයාපන සෞන්දර්යය කේන්ද්‍රය බිහි වන්නේ.
පුද්ගල අවශ්‍යතාවය හා රසවින්දනය මත පවතින සෞන්දර්ය කලාත්මක දෘෂඨියකට රැගෙන ඒම හා භාව පූර්ණ නිර්මාණයක් තුල රැඳවීම අපගේ පූර්ණ අභිප්‍රාය වේ.
මේ ආකාරයට ‘ලියපත‘ මගින් නිර්මාණ කටයුතු බොහොමයකට දායකත්වය සපයා ඇත. සැබැවින්ම අපගේ මෙම සේවාව තුලින් අපගේ අභිප්‍රාය සමාජය තුල කලාව කෙසේද ස්තාපිත විය යුත්තේ යන්න සහ පුද්ගල මනස හා ක්‍රියාකාරීත්වය කලාව තුලින් හික්ම වීම මෙන්ම ජීවිතය තුල විනයක් ඇති කිරීමයි.
‘ලියපත‘ මගින් බිහිවන නිර්මාණ ක්ෂේත්‍රයන් කිහිපයක් කරා විහිදේ. ඒ අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැක. එනම් චිත්‍ර හා මූර්ති ලෙස මෙම විශයන් දෙක සමාජ ගත වනවිට විවිධ ක්ෂේත්‍ර හරහා අපගේ ද සේවා අවශ්‍යතාවය පුලුල් පරාසයක් තුල ස්ථාපිත වී ඇත.
අප විසින් පවත්වාගෙන යන සේවාවේ අතුරු ඵලයක් ලෙස මෙම කලාත්මක නිර්මාණ පිලිබඳ කැමැත්තක් දක්වන අය සඳහා ඒ පිලිබඳ අත්දැකීමක් ලබාගැනීමට ද අවස්ථාවක් ඇත. ඒ අනුව නිර්මාණයක් කිරීම ආර්මභක අවස්ථාවේ සිට එම නිර්මාණයේ අවසාන ඵලය දක්වා අප ලබන අත්දැකීම් හා සිතෙහි හටගන්නා සිතුවිලි ද අත්දැකිමක් ලෙස විඳිය හැක. එමෙන් ම මෙය විෂයයක් ලෙස හැදෑරීමට අවශ්‍ය පුද්ගලයන් සඳහා ද අප විසින් අවස්තාව ලබා දී තිබේ.