G/ Gintota Sri Medhankara M.V. Sports Unit

G/ Gintota Sri Medhankara M.V.  Sports Unit ගිංතොට ශ්‍රී මේධංකර මහා විද්‍යාලීය ක්‍රීඩා අංශය

04/04/2026
🔵🔴Medhian's Sports Fiesta 2026🔴🔵
04/04/2026

🔵🔴Medhian's Sports Fiesta 2026🔴🔵

🏆🏆❤️හොකී පිටියේ නැවතත් මේධංකර නාමය ජය ලබයි❤️🏆🏆2024 .12.17 සිට 20 වන දින දක්වා මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනය හා එඩ්...
22/12/2024

🏆🏆❤️හොකී පිටියේ නැවතත් මේධංකර නාමය ජය ලබයි❤️🏆🏆

2024 .12.17 සිට 20 වන දින දක්වා මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනය හා එඩ්වර්ඩ් උද්‍යාන ක්‍රීඩාංගනය කේන්ද්‍ර කර ගනිමින් පැවති , ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය මගින් සංවිධානය කරන ලද වයස අවු 14න් පහල අන්තර් පාසල් බාලක බාලිකා හොකී සැණකෙලියේ බාලක අංශයේ "H" කාණ්ඩයේ අපරාජිතව හිදිමින් රන් තරුව දිනාගැනීමට මේධංකර විද්‍යාලීය කණ්ඩායම සමත් විය..

මුල සිටම පැවති මූල්‍ය ගැටලු වලදී මෙන්ම අනෙක් අවස්තා වලදීත් ඉදිරිපත්ව අප වෙනුවෙන් විවිධ විසදුම් ලබා දුන් ඔබ සියලු දෙනා නිසාවෙන්ම අපට මෙම ජයග්‍රහන සිහිනයක් නොවී යතාර්තයක් කර ගැනීමට හැකිවිය....

ඒ සෑම අවස්තාවකම වචනයකින් හෝ උදව් උපකාර කල විදුහල්පති තුමිය,හොකී ක්‍රීඩා පුහුණු ගුරුතුමිය කේ. අයි. මේකලා ලියනගේ ගුරුතුමියටත් අධ්‍යන හා අනධ්‍යන කාර්‍ය මණ්ඩලයේ ඔබ සියලු දෙනාත් පාසලේ සෙසු දරු දැරියන් සියලු දෙනාත්,දරුවන්ගේ දෙමාපියන් හා ගම් වාසින් ඇතුලු මේධංකර ප්‍රජාවේ සියලු දෙනාටත් විශේෂ ස්තූතිය පුද කරමි.

මේධංකර ක්‍රීඩා අංශය. 🏑🏑🏑🥇🏆

🏆❤️මේධංකර විද්‍යාලයට තවත් හොකී ජයක් ❤️🏆2024..12.05. දින සිට 08 දින දක්වා මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනය එඩ්වර්ඩ් ක්...
12/12/2024

🏆❤️මේධංකර විද්‍යාලයට තවත් හොකී ජයක් ❤️🏆

2024..12.05. දින සිට 08 දින දක්වා මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනය එඩ්වර්ඩ් ක්‍රීඩාංගනය, සහිරා ක්‍රීඩාංගනය සහ මාතලේ කෘතීම ක්‍රීඩාංගනය කේන්ද්‍ර කොටගෙන පාසල් 94 සහභාගීත්වයෙන්..
ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය මගින් සංවිධානය කල වයස අවු: 16 න් පහල අන්තර් පාසල් බාලක බාලිකා හොකී තරගාවලියේ සී කාණ්ඩයේ
("C division ") තෙවන ස්ථානය ගිංතොට ශ්‍රී මේධංකර ම.වි. දිනා ගන්නා ලදී......

🏆........තරග ප්‍රතිඵල......🏆

පලමු වටයේ තරග

⭕️ මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලය සමග 0-0

⭕️ මාවනැල්ල සහිරා විද්‍යාලය සමග 1-0

⭕️ ගිරාදුරුකෝට්ටේ ම.වි. සමග 0-0

⭕️ ගාල්ල මානවිල උපනන්ද විද්‍යාලය සමග 0-0

⭕️ මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය සමග 6-0
ලෙසත්

අර්ධ අවසන් තරගය ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලය සමග පැවති අතර ඉන් ගෝල 1-0 පරාජයට පත්විය....

ඉන්පසු මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලය සමග තෙවන ස්ථානය සදහා තරග වැදුනු අතර ඉන් ගෝල 2-0 ලෙස ජයග්‍රහණය කොට තෙවන ස්ථානයට පත් විය....

මේධංකර විදු මෑණියන්ගේ නාමය ක්‍රීඩා අංශයේ ඉහලින් ඔසවා තබන්නට සමත් මෙම ශිෂ්‍යයන්ටත් මෙම ජයග්‍රහණය ලබාගැනීම සදහා පුහුණුවීම් සිදුකල විද්‍යාලයේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ගුරුවරිය වන ක්‍රීඩාභාර ආචාර්ය K.I. මේකලා ගුරුතුමියටත් සියල්ලට මග පෙන්වූ විද්‍යාලයේ විදුහල්පතිතුමිය නිරෝෂා පෙරේරා මැතිනියටත් සහය දැක්වූ දෙමාපියන් ඇතුලු ගම්වාසීන් සියලුදෙනාටත් විශේෂ ස්තූතිය පුදකරමු.

❤️❤️❤️

🏆 දකුණු පළාත් පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය - 2024 🏆පසුගිය අගෝස්තු මස 27 වන දින සිට 30 වන දින දක්වා මාතර කොටවිල  ක්‍රීඩාංග...
09/09/2024

🏆 දකුණු පළාත් පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය - 2024 🏆

පසුගිය අගෝස්තු මස 27 වන දින සිට 30 වන දින දක්වා මාතර කොටවිල ක්‍රීඩාංගනයේදී පැවති 2024 දකුණු පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී,

🥇 ජී. ජී. සතීශ මිනුල් අශෝක ශිෂ්‍යයා
වයස අවුරුදු 16 පහල බාලක
මීටර් 200 ප්‍රථම ස්ථානයත්
මීටර් 100 තරග ඉසව්ව දෙවන ස්ථානයත්

🥇එම්. ජී ලක්ෂිත සම්පත් ශිෂ්‍යයා
වයස අවුරුදු 20 පහල බාලක
හෙල්ල විසිකිරීම තෙවන ස්ථානයත්
තුම්පිම්ම තරග ඉසව්ව සිව්වන ස්ථානයත්

🥇ඒ. සදක හිරුන් තාරුක ශිෂ්‍යයා
වයස අවුරුදු 14 පහල බාලක
මීටර් 80 කඩුලු පැනීම තරග ඉසව්වේ සිව්වන ස්ථානයත්

🥇කේ. විබෝධ රසාංජන ශිෂ්‍යයා
වයස අවුරුදු 16 පහල බාලක
මීටර් 300 කඩුලු පැනීම තරග ඉසව්ව සිව්වන ස්ථානයත්
ලබා ගනිමින් 2024 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය සදහා සුදුසුකම් ලැබීය.

වසර ගණනාවකට පසු නැවතත් මේධංකර විදු මෑණියන්ගේ නාමය ක්‍රීඩා අංශයේ ඉහලින් ඔසවා තබන්නට සමත් මෙම ශිෂ්‍යයන්ටත් මෙම ජයග්‍රහණය ලබාගැනීම සදහා පුහුණුවීම් සිදුකල විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුකරු G.G.N. මනුරංග මහතාටත් පාසලේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ගුරුවරිය වන ක්‍රීඩාභාර ආචාර්ය K.I. මේකලා ගුරුතුමියටත් සියල්ලට මග පෙන්වූ විද්‍යාලයේ විදුහල්පතිතුමිය නිරෝෂා පෙරේරා මැතිනියටත් විශේෂ ස්තූතිය පුදකරමු.

තවද දින 4 ක් පුරාවට පැවති තරගාවලිය සදහා සහභාගි වූ දරුවන්ගේ සියලු කටයුතු සොයා බලමින් නවාතැන් පහසුකම් හා ආහාර පාන සපයා දෙමින් කටයුතු කල අප විද්‍යාලයේ සේවයේ නියුතු යසෝමා දමයන්ති මහත්මියටත් බූස්ස ධීරානන්ද විද්‍යාලයේ සේවයේ නියුතු නදීෂා රණසිංහ මෙනවියටත් කොටවිල සුල්තානාගොඩ විවේකාරාම විහාරාධිපති තිස්ස හිමියන්ටත් දෙණිපිටියේ ධම්මජෝති හිමියන්ටත් අපගේ ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමි...🙏🙏🙏

තවද සමස්ථ ලංකා තරගාවලියද ජයග්‍රහණය කිරීමට විදුහල්පතිතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමයේ හා විද්‍යාලයේ සිසු දරුවන්ගේත් දෙමාපියන්ගේත් උනුසුම් සුබ පැතුම්...... ❤️❤️❤️🏆🏆🏆

💪💪❤️පාසල වෙනුවෙන් එකතු වෙමු...❤️💪💪

පාසල් නාමය ඉහලට රැගෙන යන දක්ෂයන්ගේ හෙට දවස වෙනුවෙන්
සවියක් වෙමු... ❤️❤️ ඌනතාවයක්ව පවතින පහත සදහන් ක්‍රීඩා උපකරණ වලින් කුමක් හෝ ලබා දීමට හැකියාව ඇති අයකු වේනම් ඔබගේ සහය පාසලට ලබාදෙන්න.....ස්තූතියි.❤️🏆🥇

04/09/2024

Address

Kotawila
Kamburugamuwa

Website

Alerts

Be the first to know and let us send you an email when G/ Gintota Sri Medhankara M.V. Sports Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category