අපේ Econ Bs පංතිය

අපේ Econ Bs පංතිය Super Econ Bs class

25/04/2026
සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️💗🙏
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️💗🙏

2025 A/L වාණිජ විෂය ධාරාවේ විශාල වර්ධනය 🔥අවුරුදු ගාණකට පස්සේ ලංකාවේ A/L කරන ළමයින්ගේ තෝරාගැනීම් ඇතුළේ ලොකු වෙනසක් වෙලා ත...
09/04/2026

2025 A/L වාණිජ විෂය ධාරාවේ විශාල වර්ධනය 🔥

අවුරුදු ගාණකට පස්සේ ලංකාවේ A/L කරන ළමයින්ගේ තෝරාගැනීම් ඇතුළේ ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඒ තමයි Commerce තෝරාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනය.

දත්ත බැලුවොත්, 2025 දී වාණිජ අංශයේ ළමයි 5.39% කින් වැඩි වෙලා තියෙනවා. මේක Bio Science වලට විතරක් දෙවැනි වෙන, මුළු stream එකක් විදිහට ගත්තම දෙවැනි වැඩිම වර්ධනය. (මීට කලින් වසර ගානක් Commerce වල දරුවන් ප්‍රමාණය අඩු වෙමින් තමයි තිබුනේ)

මේක අහම්බයක් නෙමෙයි, මේ පිටුපස පැහැදිලි හේතු සහ අනාගත අවස්ථාවන් තියෙනවා. ඇයි මේ හදිසියේම ළමයි Commerce වලට මෙච්චර ආකර්ෂණය වෙන්නේ?

1️⃣ Finance සහ Business වෘත්තිකයන්ට තියෙන ඉහළ ඉල්ලුම
දේශීයව වගේම ජාත්‍යන්තරව Accountants, Financial Analysts, Auditors, Business Consultants සහ Marketing professionals ලාට තියෙන ඉල්ලුම දවසින් දවස වැඩි වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ CA, ACCA වගේ සුදුසුකම් තියෙන අයට ඉස්සරට වඩා ලෝකෙම දොරවල් ඇරිලා තියෙන්නේ. අන්තිම කාලේ වැඩිම වැටුප් සහිතව වැඩියෙන්ම foreign job opportunities ලැබුන field එකක් තමයි මේ.

2️⃣ පැහැදිලි වෘත්තීය මාවත (Career Pathway)
අනිත් ගොඩක් Stream වලට වඩා දරුවෙක්ට විශ්ව විද්‍යාලයට යන්න බැරි වුනත් Commerce වල තියෙන විශේෂත්වය තමයි ඒකේ තියෙන "පැහැදිලිකම".
A/L ➡️ වෘත්තීය සුදුසුකම් (CA / ACCA / CIMA) ➡️ Career.
මේ පාර හරිම සරලයි වගේම කෙටියි. දැන් ළමයි වගේම දෙමව්පියොත් මේ roadmap එක පැහැදිලිවම දකිනවා. (මේ කියන්නේ කැම්පස් යන්න බැරි වුනොත් තියෙන පාර ගැන. මෙහෙම පාරක් තියෙන එකම stream එක commerce විතරයි)

3️⃣ නවීන විෂය නිර්දේශ සහ වෘත්තීය ආයතන වල බලපෑම
CA Sri Lanka සහ ACCA වගේ ආයතන දැන් ලබා දෙන්නේ ඉතාම යාවත්කාලීන, ප්‍රායෝගික දැනුමක්. ඒ නිසාම මේ විෂය ක්ෂේත්‍රය කලින්ට වඩා දැන් ගොඩක් ආකර්ෂණීය වෙලා තියෙනවා. ඒ වගේම AAT Sri Lanka ආයතනයේ ඉස්සරට වඩා දැන් නියාමනයක් වෙලා තියෙනවා. ඒක නිසා ඉස්සර AAT Free classes වලට ගිහින් Commerce එපා වෙලා අත අරින ළමයි දැන් commerce කරන්න ආස වෙලා තියෙනවා.

4️⃣ දක්ෂ ගුරුවරුන්ගේ මඟපෙන්වීම
වාණිජ අංශය ගත්තම ලංකාවේ ඉස්කෝල වල වගේම ටියුෂන් ක්ෂේත්‍රයේත් ඉන්නේ ඉතාම දක්ෂ ගුරුවරු පිරිසක්. ඔවුන්ගේ මඟපෙන්වීම නිසා ළමයින්ගේ විශ්වාසය සහ ප්‍රතිඵල දෙකම ඉහළ ගිහින් තියෙනවා. මේක එයාල උඩ දාන්න කියන්නේ නෑ මේක ඇත්ත. හැම දිස්ත්‍රික්කයේම අනිවාර්යයෙන් හොඳ ගුරුවරු රැසක් ඉන්නවා.

5️⃣ ගෝලීය අවස්ථා සහ කුසලතා මත පදනම් වූ වෘත්තීන්
දැන් ඉන්නේ සාම්ප්‍රදායික දේවල් වලින් එහාට හිතන පරපුරක්. ඉක්මනින් දියුණු වෙන්න පුළුවන්, ලෝකයේ ඕනෑම රටක රැකියාවක් කරන්න පුළුවන් (Global Mobility) අංශයක් විදිහටයි අද ළමයි වාණිජ අංශය දකින්නේ.

🌟

Address

Gampaha

Telephone

+94773730425

Website

Alerts

Be the first to know and let us send you an email when අපේ Econ Bs පංතිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category