Devpura Hastheen - දෙව්පුර හස්ථීන්

Devpura Hastheen - දෙව්පුර හස්ථීන් .

24/07/2023

ආයුබෝවන් චාරිකා 🖤🐘🖤

“සුරිඳුනි දෙවිනුවර 2023” ඓතිහාසික දෙවිනුවර 766 වැනි ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් සහභාගි වන අලි පංතියේ පළමුවන දෙවිනුවර සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් 2023.07.23 වන දින අළුයම 01.05ට දෙනියායේ චාරිකා ඇතින්න දෙවිනුවරට මෙලෙසින් පා තැබූ වගයි.

Devpura Hastheen - දෙව්පුර හස්ථීන්
Devinuwara Esala Perahara



#දෙවිනුවරඇසළපෙරහර2023
#සුරිඳුනිදෙවිනුවර766

08/07/2023
12/06/2023
26/08/2022

අ - ගෞරවය

කරන්න තිබුනේ ගෞරවාන්විතව මිහිදන් කරලා ස්මාරකයක් හදන එක.

සංරක්ෂිත සමක් යොදාගන ප්‍රතිනිර්මාණය කරන නිර්මාණයක් සජීවී සතාගෙ ස්වරූපයට සමානව කරන්න බෑ

අපි කියන දේ පිළිගන්න ඕනේ නෑ බලන්න මාළිගාවේ රාජගේ මිල්ලංගොඩ ඇතාගෙ ඡායාරූප වීඩියෝ බලන්න, ඒ අයගෙ සම යොදාගෙන හදපු පිලිරූ වල පෙනුම.

කොහොම හරි උන දේ උනා.

දැන් ගෞරවයක් කියල පටන් ගත්ත වැඩේ ලෝකෙට විහිලුවක් වෙලා

නැදුන්ගමුවේ ඇතාගෙ පිලිරුව මාළිගාව පරිශ්‍රයේ හදන එක ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක්.

එතන ගොඩනැගිල්ලක් හදනවා තියා ගහක් වත් හිටවන්න අවසර නෑ පුරාවිද්‍යා සංරක්ෂිත පරිශ්‍රයක් නිසා.

පොඩි හරි අවස්ථාවක් තියෙන්නේ නුවර අන්තර්ජාතික බෞද්ධ කෞතුකාගාරයේ ඉඩක් ලබා ගන්න.

ඒත් නැත්නම් මාළිගාව අවට තැනක් හොයන්න ඕනේ

එහෙමත් නැත්නම් කොළඹ කෞතුකාගාරය

සමහරු නැදුන්ගමුව යෝජනා කරනවා

මෙහෙම කඹ ඇද ඇද හිටියොත් ගලෝපු හමත් භාවිතයට ගන්න බැරි තත්වෙකට පත් වෙන්න පුළුවන්.

මැරුණ සතාට ඒ ගෞරවය වත් නොදී හම ගහලා ඒක හරියට සංරක්ෂණය කරගන්න බැරුව කරන මේ විකාරය ගෞරවයක්ද?

කළින් කිව්වා වගේ ගෞරවාන්විතව භූමිදාන කරලා. ස්මාරකයක් පිහිටුවලා.

රාජා අනුස්මරණය කරලා අලි ඇතුන් වෙනුවෙන් එක්ස් රේ එකක් ස්කෑන් එකක් වගේ වෛද්‍ය පහසුකම් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇතිකරනවා වගේ එකක්, උඩවලවේ ඇත් අතුරු සෙවණෙ අඩුපාඩු සම්පුර්ණ කරනවා වගේ දෙයක් කලා නම්.

ඒ වගේ දේකින් ප්‍රයෝජනයක් ලැබෙන්න අලින්ට විතරක් නෙමේ ලෙඩට දුකට පත් වෙන ඕනම සතෙක්ට

ඒක කොච්චර ගෞරවාන්විතද? පිනක්ද? ලස්සනයිද?

තාමත් ඉතින් ප්‍රමාද නෑ........

20/08/2022
20/08/2022

ඓතිහාසික දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථක කරගැනීමට කැප වෙමින්, වෙහෙස මහන්සි වෙමින් දහඩිය හෙලූ සියළු දෙනාටමත්, රටින් එතෙර මෙන්ම මෙතෙර සිට සහයෝගය දැක්වූ, නැරඹූ සැමටත්, මෙවර දිව්‍ය පූජෝපහාරයට සපැමිණි ඔබ සැමටත් දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ගෞරවණීය ස්තූතිය!

ඔබ සැමට උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දෙවි පිහිටයි!

Devinuwara Esala Perahara
Uthpalawarna Sri Vishnu Devalaya Devinuwara
Devpura Hastheen - දෙව්පුර හස්ථීන්

#දෙවිනුවරඇසළපෙරහර2022 #සුරිඳුනිදෙවිනුවර765 #දෙවුන්දරතුඩුව

19/08/2022

කෝල්මුර යාගය හෙවත් දේව තොවිලය අදයි.

ඓතිහාසික දෙවිනුවර ඇසළ මහා මංගල්‍යයයේ ආශිර්වාදය මේ තුන් හෙළයටම ලැබෙණු පිණිස සිද්ධ ශ්‍රී පත්තිනි මෑණියන් වහන්සේගේ පන්තිස් කෝල්මුර ගැයෙමින් තුන් යම් රාත්‍රිය පුරා පසඟතුරු ගොස නාද වෙන ඒ කෝල්මුර ‍යාග ශාන්තිකර්මය අදයි.

#දෙවිනුවරඇසළපෙරහර2022 #සුරිඳුනිදෙවිනුවර765 #දෙවුන්දරතුඩුව

දෙවිනුවර 💙 යක්කල ගජභාමහනුවර 💛 ඉන්දිරාජාකතරගම ❤️ වාසනා
17/08/2022

දෙවිනුවර 💙 යක්කල ගජභා
මහනුවර 💛 ඉන්දිරාජා
කතරගම ❤️ වාසනා


15/08/2022

"සුරිඳුනි දෙවිනුවර" 765 වැනි ඓතිහාසික දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යයයේ රන්දෝලි මහා පෙරහරේ යක්කල ගජභා මංගල හස්ථිරාජයා තේජවන්ත ලීලාවෙන් දේවාභරණ වැඩමවීම.

Devpura Hastheen - දෙව්පුර හස්ථීන්
Devinuwara Esala Perahara
Uthpalawarna Sri Vishnu Devalaya Devinuwara



#දෙවිනුවරඇසළපෙරහර2022
#සුරිඳුනිදෙවිනුවර765
#යක්කලගජබා
#ගජභා

"සුරිඳුනි දෙවිනුවර" 765 වැනි ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ "අභීත" හස්ථියා 2022 ඓතිහාසික දෙව...
14/08/2022

"සුරිඳුනි දෙවිනුවර" 765 වැනි ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ "අභීත" හස්ථියා 2022 ඓතිහාසික දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යයයේ ගමන් කරන අයුරු..

Devpura Hastheen - දෙව්පුර හස්ථීන්
Devinuwara Esala Perahara

📷 Dilshan Danusha

#දෙවිනුවරඇසළපෙරහර2022 #සුරිඳුනිදෙවිනුවර765 #අභීත

Address

Devpura Hastheen
Devinuwara
81160

Alerts

Be the first to know and let us send you an email when Devpura Hastheen - දෙව්පුර හස්ථීන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category