29/04/2026
ප්‍රවීන රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතාගේ 06 වැනි ගුණ සැමරුම අද (29) දිනට යෙදී තිබේ.
සිංහල සිනමාවේ විශිෂ්ට සටන් නළුවෙකු ලෙස නම්දරා සිටි ඔහු, චිත්‍රපට 100කට පමණ සිය ප්‍රතිභාපූර්ණ රංගන දායකත්වය ලබා දුන්නේය.
ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා 2019 සුමති සම්මාන උළෙලේදී කලාකරුවෙකු හෝ කලාකාරිනියකට ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන යූ.ඩබ්ලිව්.සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබීය.