16/08/2026
🎒කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ පාසල් යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සහය ලබාදීමේ අරමුණින් අධ්‍යාපන ආධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.
මෙහිදී අධ්‍යාපන ආධාර අවශ්‍ය පාසල් දරුවන්ගේ තොරතුරු ලියාපදිංචි කරගෙන, ඒ අනුව ආධාර ලබාදීමට කටයුතු කෙරේ. 📖✏️
⚠️ වැදගත්:
එක් මන්ත්‍රීවරයෙකු සඳහා ලබාදිය හැකි ආධාර ප්‍රමාණය සීමිත බැවින්, ඔබගේ කොට්ඨාස මන්ත්‍රීවරයා හරහා ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
📍 අලුත්මාවත කොට්ඨාසයේ පදිංචි අය සඳහා
📝 ලියාපදිංචි කිරීමේදී භාරකරුවන්ගේ ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු රැගෙන එන්න.
💥දරුවාගේ අදාළ තොරතුරු නිවැරදිව ලබාදීමට කටයුතු කරන්න.
⏳ ආධාර ප්‍රමාණය සීමිත බැවින් හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න.
දරුවෙකුගේ අධ්‍යාපනයට ලබාදෙන අතහිතක් යනු ඔහුගේ හෝ ඇයගේ අනාගතයට කරන වටිනා ආයෝජනයකි. ❤️
⚠️ වැදගත් කරුණු
⛔අස්වැසුම ලාභීන් මේ සඳහා අයදුම් කිරීමෙන් වලකින්න.
🔹 එක් මන්ත්‍රීවරයෙකු සඳහා ලබාදිය හැකි ආධාර ප්‍රමාණය සීමිත බැවින්, ඔබගේ කොට්ඨාස මන්ත්‍රීවරයා හරහා පමණක් ලියාපදිංචි වන්න.
🔹 එක් මන්ත්‍රීවරයෙකුට ඔබගේ දරුවාගේ විස්තර ලබාදී අයදුම්පතක් ඉදිරිපත් කර ඇත්නම්, නැවත වෙනත් මන්ත්‍රීවරයෙකු හරහා එම දරුවාගේ විස්තර ඉදිරිපත් නොකරන්න.
🚨 එකම දරුවා වෙනුවෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හරහා අයදුම්පත් දෙකක් ඉදිරිපත් කළහොත්, අයදුම්පත් දෙකම ප්‍රතික්ෂේප (Reject) වීමට ඉඩ ඇත.
දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් වෙමු.
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එකට වැඩ කරමු. 🤝📚
2026 /08/ 17 වන දින පෙ.ව. 10.00ට දුම්රිය පටුමඟ ප්‍රදේශයේ ලියාපදිංචිය සිදු කරනු ලබයි.