03/01/2026
එක රැයක් තුළ
සුළි කුණාටුවක් සමඟ
අපේම පුංචි නංගිලා මල්ලිලාගේ
පොත්පත්, පාසලට යන්න තිබුණ හෙට දවස
හැමදේම අහිමි වුණා. එලෙස
ඔවුන්ට අහිමි වුනේ
ගෙදරක් විතරක් නෙමෙයි…
හිත පුරා තියෙන ඒ පුංචි සිහිනයි.
නමුත් ඒ බිඳ වැටුණ සිහින
නැවත ගොඩනගන්න
අපිට තවමත් පුළුවන්.
🌱 “අත්වැල් පවුර” ව්‍යාපෘතියට දායක වීමට ඉතිරිව ඇත්තේ තවත් සීමිත කාලයක් පමණයි!🌱
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් වූ
අරණායක, කෑ/මාව/අර රහල බටහිර කනිෂ්ඨ විද්‍යාලයේ
අවතැන් කඳවුරේ රැඳී සිටින අපේම පුංචි දරුවන් වෙනුවෙන්
පාසල් උපකරණ බෙදාදීම සඳහා
ඔබගේ දායකත්වය භාරගනු ලබන්නේ
🗓 ජනවාරි 05 දින දක්වා පමණක් බව කාරුණිකව සිහිපත් කර සිටිමු
🎒 දැනට ඔවුන්ට අත්‍යවශ්‍ය දෑ
* පොත්පත්
* පෑන් හා පැන්සල්
* පාසල් සපත්තු
* මේස්
* කෑම පෙට්ටි
* පාසල් බෑග්
* වතුර බෝතල්
* වෙනත් පාසල් උපකරණ
📍 ඔබගේ දායකත්වය භාරදිය හැකි ස්ථාන
විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටි
* ආහාර විද්‍යා හා තාක්ෂණ විද්‍යාගාරය
* Open Canteen
* Sky Cafe
👉 ජනවාරි 05 දිනට පෙර
ඔබට හැකි අයුරින් දායක වන්න.
ඔබ ලබා දෙන එක් පොතක්, එක් පෑනක් හෝ
එක් කෑම පෙට්ටියක් වුණත්
දරුවෙකුගේ අධ්‍යාපන ගමනට
අලුත් බලාපොරොත්තුවක් විය හැක.
pawra