Divisional Secretariat - Mahaoya

Divisional Secretariat - Mahaoya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Secretariat - Mahaoya, Event, Mahaoya, Ampara.

මහඔය ප්‍රාදේශීය ලේකම් K.M.K.S කුලතුංග මහත්මියගේ  මඟ පෙන්වීම හා උපදෙස් මත සංවිධානය වූ මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය “ස...
12/05/2026

මහඔය ප්‍රාදේශීය ලේකම් K.M.K.S කුලතුංග මහත්මියගේ මඟ පෙන්වීම හා උපදෙස් මත සංවිධානය වූ මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය “සූර්ය මංගල්‍යය 2026" පසුගියදා ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

​මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්, සමස්ත නිලධාරී මණ්ඩලය, ඔවුන්ගේ දූ දරුවන් හා ප්‍රදේශයේ ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම උළෙල ජන ක්‍රීඩා සහ සංස්කෘතික අංග රැසකින් වර්ණවත් විය.

2025 වසරේ නොවැම්බර් 27 දින ඇරඹි දිට්වා සුළි කුණාටුව හා වැසි තත්ත්වය මත මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අර්ධ හානි 22ක් හා...
02/05/2026

2025 වසරේ නොවැම්බර් 27 දින ඇරඹි දිට්වා සුළි කුණාටුව හා වැසි තත්ත්වය මත මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අර්ධ හානි 22ක් හා පූර්ණ හානි 2 ක් වාර්තා විය. රජයේ ආපදා සහන මාර්ගෝපදේශ අනුව පූර්ණ හානි සදහා රුපියල් ලක්ෂ පනහක් සහ අර්ධ හානි සදහා රුපියල් ලක්ෂ පහ බැගින් ගෙවීමට නියමිතය . මෙහි පළමු වාරික මුදල් පසුගිය අප්‍රේල් 29 දා ලබා දීම ආරම්භ කළ අතර එම අවස්ථාවට මහඔය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රියන්ත විජේරත්න මහතා , ප්‍රාදේශීය ලේකම්තුමිය, ආපදා සහන නිලධාරී, සමාජ සේවා අංශයේ ප්‍රධාන කළමනාකරණ සහකාර නිලධාරී, ග්‍රාම නිලධාරීන් ඇතුලු පිරිස සහභාගි විය.

14/04/2026
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයන්හි කටයුතු සොයාබැලීමේ නිරීක්ෂණ චාරිකා අතර මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි අම්පාර දිස්ත...
10/04/2026

ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයන්හි කටයුතු සොයාබැලීමේ නිරීක්ෂණ චාරිකා අතර මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි අම්පාර දිස්ත්‍රික් අභිනව දිසාපතිතුමන් හරසරින් පිළිගනු ලැබීය. ඒ සදහා මහවැලිය , පොලීසිය , ආරක්ෂක අංශ ඇතුළු කොට්ඨාසයේ රාජ්‍ය ආයතන රැසක් නියෝජනය කරමින් ආයතන ප්‍රධානීන් සම්බන්ධ වූ අතර ප්‍රජාමූල සංවිධාන නියෝජිතයන් මෙන්ම පොල්ලෙබැද්ද ආදිවාසි ප්‍රජා නායකයින්ද සහභාගි විය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතු පිළිබඳව මෙන්ම කොට්ඨාසයේ පොදු ගැටලු හා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය

07/04/2026
17/03/2026

"ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික වැඩසටහන සමග එක්ව ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය මෙහෙයවන ප්‍රජා ඵලදායීතා ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ මහඔය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කෑලවින්න ග්‍රාම නිලධාරී වසමේ පිංතාලිය ගම්මානය ප්‍රජා ඵලදායීතා ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ සමාරම්භය 2026.03.16 දින සාර්ථකව දිගාමඩුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රියන්ත විජේරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ මහඔය ප්‍රාදේශිය ලේකම්තුමියගේ මගපෙන්වීම යටතේ මෙසේ සිදු විය.

ඵලදායීතාව තුළින්, අපේ රට සංවර්ධනය කරා රැගෙන යන මේ දැවැන්ත වැඩසටහනේ සාරාංශය ඔබට මෙම වීඩියෝව මගින් නැරඹිය හැකිය.

එක්වෙමු.! ප්‍රජා ඵලදායිතාවය තුළින් ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩ නංවමු!

මහඔය කොට්ඨාසයේ තැපැල්පොල ග්‍රාම නිලධාරී වසමෙහි තේක්කවත්‍ත පදිංචි  S.M.කරුණාවතී මහත්මිය හට නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය...
13/03/2026

මහඔය කොට්ඨාසයේ තැපැල්පොල ග්‍රාම නිලධාරී වසමෙහි තේක්කවත්‍ත පදිංචි S.M.කරුණාවතී මහත්මිය හට නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත, මහඔය ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ සම්බන්ධීකරණයෙන් ඉදි කරන ලද නව නිවස 2026.03.12 වන දින සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුලු අනෙකුත් රජයේ නිලධාරින් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් මෙසේ විවෘත කරන ලදී. 💐

රටේ භයානකම උවදුර  වන විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වන විනාශය පිළිබඳ මහජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන අද (2026.03.04) දින මහඔය ...
04/03/2026

රටේ භයානකම උවදුර වන විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වන විනාශය පිළිබඳ මහජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන අද (2026.03.04) දින මහඔය නගරය කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලදී "රටම එකට ජාතික මෙහෙයුම් වැඩසටහන" යටතේ මහඔය පොලිස් ස්ථානයේ ද සහාය ඇතිව ප්‍රචාරක රථ හා අත්පත්‍රිකා බෙදාහරිමින් මෙම වැඩසටහන දියත් කරන ලද්දේ මහඔය ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මෙහෙයවීම මත ප්‍රධාන රාජ්‍ය කළමනාකාරතුමා ඇතුලු ක්ෂේත්‍ර නිලධාරින් විසිනි

මහඔය ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන්  අද දින  අභිමාවත්ව සැමරුණු 78 වන  ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ විශේෂ අවස...
04/02/2026

මහඔය ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් අද දින අභිමාවත්ව සැමරුණු 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ විශේෂ අවස්ථා.
ආයුර්වේද සායන, රුක් රෝපණ වැඩසටහන, දේශාභීමානි ගී එකතුව හා විද්වත් දේශන,ඇතුළු වැඩසටහන් රැසකින් මෙම උත්සවය අලංකාර විය.

2025.12.22 වන දින උපන් දිනය සමරන ලද අපේ ප්‍රාදේශීය ලේකම්තුමියට සුභ උපන් දිනයක් වේවායි පතමු. පරිපාලන ක්ෂේත්‍රයේ ඉහළටම යන්...
23/12/2025

2025.12.22 වන දින උපන් දිනය සමරන ලද අපේ ප්‍රාදේශීය ලේකම්තුමියට සුභ උපන් දිනයක් වේවායි පතමු. පරිපාලන ක්ෂේත්‍රයේ ඉහළටම යන්නට ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා!
-ප්‍රාලේ කාර්යාලයේ කාර්ය මණ්ඩලය-

Job opportunities 📣📣
19/11/2025

Job opportunities 📣📣

Address

Mahaoya
Ampara

Telephone

+94632244006

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Mahaoya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Divisional Secretariat - Mahaoya:

Share

Category