SLANB - Sri Lankan Association of New Brunswick

SLANB - Sri Lankan Association of New Brunswick Landed immigrant from Sri Lanka

12/29/2025
තෙරුවන් සරණයි!New Brunswick පළාතේ ප්‍රථම වතාවට පවත්වන කඨින මහා පුණ්‍යෝත්සවය *නොවැම්බර් මස පළමු වැනි සෙනසුරාදා* පෙරවරු 9....
10/30/2025

තෙරුවන් සරණයි!
New Brunswick පළාතේ ප්‍රථම වතාවට පවත්වන කඨින මහා පුණ්‍යෝත්සවය *නොවැම්බර් මස පළමු වැනි සෙනසුරාදා* පෙරවරු 9.30 සිට
*Centennial Rotary Lodge* හිදී සිදුකිරීමට සියලු කටයුතු සංවිධානය කොට ඇතිබව ඔබ සැමට සතුටින් දන්වා සිටිමු.

ජීවිතයේ මේ ලැබුණු මහඟු අවස්ථාවට සතුටින් සම්බන්ධවන ලෙස ඔබ සැමට කාරුණිකව දන්වා සිටින අතර පෙරවරු 9.30
වන විට හැමෝම ශාලා පරිශ්‍රය වෙත පැමිණෙන ලෙසද මතක් කර සිටිමු.

එදින ස්වාමීන් වහන්සේලාට දානය මෙන්ම පිරිකර පූජාකිරීමට ද මෙය අවස්ථාවක් කොට ගෙන උතුම් පිං කුසල් රැස් කරගන්නා මෙන් මෙත් සිතින් ආරාධනා කර සිටිමු.
සුදුවතින් සැරසී පැමිණීමට හැකි පමණ උත්සාහ කරන්න.
හැකිනම් බුදුන් පුදන්නට මල් රැගෙන එන්න.

අටපිරිකර පූජාවන්
සිවුරු පූජාවන්
මූල්‍යමය පිරිකර
එදින ඔබට සිදු කරගත හැක.
( සිවුරු පිරිකර දායකත්වය - 40$
අටපිරිකර දායකත්වය - 75$ )

සියලු දෙනාටම සතුට හා සැනසීම වේවා!

තෙරුවන් සරණයි .මෙවර වස් කාලයේ දී New Brunswick පලාතේ වස් වැසීමට ගෞරවනීය සුනීත ස්වාමීන් වහන්සේට අප ඇරයුම් කල බව හැමෝම දන්...
10/02/2025

තෙරුවන් සරණයි .
මෙවර වස් කාලයේ දී New Brunswick පලාතේ වස් වැසීමට ගෞරවනීය සුනීත ස්වාමීන් වහන්සේට අප ඇරයුම් කල බව හැමෝම දන්නා කාරණාවක්.
වස් කාලයේ නිමාවත් සමග කඨිනපූජෝත්සවය නොවැම්බර් මස පළමු වෙනිදා සිදුකිරීමට කටයුතු සූදානම් කෙරෙනවා.
ලංකාවෙන් බොහෝ දුරබැහැරක සිටින අපට මේ ලැබෙන්නේ මහඟු අවස්ථාවක් .
ස්වාමීන් වහන්සේලා දසනමකගේ පමණ සහභාගිත්වයෙන් සිදුකෙරෙන්නට නියමිත මේ උතුම් වූ කඨින පූජෝත්සවයට ඔබටත් විවිධ අයුරින් සම්බන්ධ විය හැකියි.

ස්වාමීන් වහන්සේ ලා සඳහා පිරිකර පූජා කිරීමට දායක වීම
ශාලා පහසුකම් සහ අනෙකුත් කටයුතු සදහා මූල්‍යමය දායකත්වය ලබා දීම
එදිනට දානය පිරිනැමීම සඳහා දායකවීම
මේ ආදී වශයෙන් ඔබ සැමගේ දායකත්වය සහ සහභාගිත්වයෙන් මේ පිංකම සාර්ථක කරගැනීමට බලාපොරොත්තු වෙමු.
ඒ සදහා ඔබට දායක විය හැකි ආකාරය ඉදිරියේදී දැනුම් දීමට කටයුතු කරනු ලැබේ.
🙏🙏🙏

Address

Moncton, NB
E1A2M6

Website

Alerts

Be the first to know and let us send you an email when SLANB - Sri Lankan Association of New Brunswick posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SLANB - Sri Lankan Association of New Brunswick:

Share