Divisional Secretariat Pasbage Korale

Divisional Secretariat Pasbage Korale පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය

14/04/2026

https://www.facebook.com/bhodhiya/

නාවලපිටිය බෝධින් වහන්සේ වටා එක්වන්න
ධර්ම දැනුම බෙදාගන්න

බෝධින් වහන්සේ රැකගන්න

Buddhist Temple

අපොස සාමාන්‍ය පෙළ පාසල් සිසුන් වෘත්තීය මාර්ග උපදේශන  පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.09.11දින ගලබොඩ දෙමළ විද්‍යාලය...
16/09/2025

අපොස සාමාන්‍ය පෙළ පාසල් සිසුන් වෘත්තීය මාර්ග උපදේශන පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.09.11දින ගලබොඩ දෙමළ විද්‍යාලයේදී පවත්වන ලදී. වෘත්තියේ අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීම, වෘත්තිය පුහුණු පාඨමාලා පිළිබඳ දැනුවත් කිරීම දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය කිරීම යන අරමුණු ඉටු කර ගැනීම අරමුණු කර ගනිමින් සිසුන් 33 දෙනෙකු සඳහා නිපුණතා සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි .

ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් අනුව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම අංශයේ විසින් 2025.09.12 වන දින  අලුත්ගම වසමේ ලල...
16/09/2025

ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම අංශයේ විසින් 2025.09.12 වන දින අලුත්ගම වසමේ ලලිතා මහත්මියගේ නිවසේදී පලතුරු ගස් කප්පාදුව පිළිබඳ පුහුණු වැඩසටහනක් පවත්වන ලදී . මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙනු ලැබුවේ පළාත් කෘෂිකර්ම උපදේශක නිශාන්ත ගල් කොටුව මහතා විසිනි. මේ සඳහා කොට්ඨාශයෙහි ප්‍රතිලාභීන් 16 දෙනෙකු පමණ සහභාගී වූ අතර එදින ඔවුන්ට පලතුරු ගස් කප්පාදුව පිළිබඳ පිළිබඳ පුහුණුවක් , පලතුරු ගසකට පොහොර යෙදීම හා පලතුරු ගස් සඳහා ජලය ලබාදිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ගොවීන්ව දැනුවත් කරන ලද අතර වසමේ නිලධාරීන්ද සම්බන්ධ විය

මාපාකන්ද දකුණ ග්‍රාම නිලධාරී වසමේ අනවසරකරුවන් නියමානුකූල කිරීම සඳහා ඉඩම් කච්චේරියක් 2025.09.02 දින සිරි අම්මරගෙන විහාරයේ...
09/09/2025

මාපාකන්ද දකුණ ග්‍රාම නිලධාරී වසමේ අනවසරකරුවන් නියමානුකූල කිරීම සඳහා ඉඩම් කච්චේරියක් 2025.09.02 දින සිරි අම්මරගෙන විහාරයේදී පවත්වන ලදී. සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඉඩම් නිලධාරී ග්‍රාම නිලධාරී වසමේ සංවර්ධන නිලධාරී හා කාර්යාල නිලධාරිගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී. මේ සඳහා අනවසරකරුවන් 46 දෙනෙකු සහභාගී වූ අතර අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්ෂේත්‍ර පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව තාවකාලික තේරීම් ලැයිස්තු සකස්කර වසමේ ප්‍රදර්ශනය කිරීමට නියමිතය

වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.09.03 දින මාපාකන්ද දකුණ විහාරස්ථානයේ දී පවත්වන ලදී. අඩු ආදායා...
09/09/2025

වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.09.03 දින මාපාකන්ද දකුණ විහාරස්ථානයේ දී පවත්වන ලදී. අඩු ආදායාම්ලාභී පවුල්වල දරුවන් වෘත්තීය පුහුණුවට යොමු කිරීම මගින් රැකියා ගත කිරීම හා එම පවුල් සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් ළමුන් 16 දෙනෙකු ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන පවත්වන ලදී. සමෘද්ධි මහ සංගමය වලපිටිය කලාපය හා බහුවාගම කලාපය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර නිපුණතා සංවර්ධන නිලධාරිගේ සම්ප්‍රදායිකත්වයෙන් වැඩසටහන සිදු කරන ලදී.

වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.09.04 දින කඩියන්ලෙන සිනමාශාලා ගොඩනැගිල්ලේ දී පවත්වන ලදී. අඩු ...
09/09/2025

වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.09.04 දින කඩියන්ලෙන සිනමාශාලා ගොඩනැගිල්ලේ දී පවත්වන ලදී. අඩු ආදායාම්ලාභී පවුල්වල දරුවන් වෘත්තීය පුහුණුවට යොමු කිරීම මගින් රැකියා ගත කිරීම හා එම පවුල් සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් ළමුන් 20 දෙනෙකු ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන පවත්වන ලදී. සමෘද්ධි මහ සංගමය වලපිටිය කලාපය හා බහුවාගම කලාපය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර නිපුණතා සංවර්ධන නිලධාරිගේ සම්ප්‍රදායිකත්වයෙන් වැඩසටහන සිදු කරන ලදී.

ප්‍රාදේශිය මහ ලේකම් තුමියගේ මුලික මග පෙන්විම අනුව ආයුර්වේද වෛද්‍ය සායනය, වැවේගම ගලබඩ ඉහල කොටසේදි නාවලපිටිය ආයුර්වේද රෝහ...
01/09/2025

ප්‍රාදේශිය මහ ලේකම් තුමියගේ මුලික මග පෙන්විම අනුව ආයුර්වේද වෛද්‍ය සායනය, වැවේගම ගලබඩ ඉහල කොටසේදි නාවලපිටිය ආයුර්වේද රෝහලේ අනුග්‍රහයෙන්, වෛද්‍ය සපානා මහත්මියගේ මැදිහත්විමෙන් ⁣2025.08.29 දින පෙ.ව.9.00 සිට සාර්ථකව පවත්වන ලදි. මෙම වැඩසටහන වැවේගම වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරි විසින් සංවිධානය කරන ලදි.

අපොස සාමාන්‍ය පෙළ පාසල් සිසුන්  වෘත්තියේ වෘත්තීය මාර්ගෝපදේශන  පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්  2025.08.22 දින පත්තුණුපිට...
27/08/2025

අපොස සාමාන්‍ය පෙළ පාසල් සිසුන් වෘත්තියේ වෘත්තීය මාර්ගෝපදේශන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.08.22 දින පත්තුණුපිටිය විද්‍යාලයේදී පවත්වන ලදී. වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීම, වෘත්තීය පුහුණු පාඨමාලා පිළිබඳ දැනුවත් කිරීම හා දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් සිසුන් 15 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් මෙම වැඩසටහන පැවැත්වූ අතර ඒ සඳහා සංවිධානය හා සම්පත් දායකත්වය නිපුණතා සංවර්ධන නිලධාරී විසින් සිදුකරන ලදී.

ඉඹුල්පිටිය ගල්ඔය කොටසේ  කාන්තාවන් සඳහා 2025.08.21 දින පාපිසි නිර්මාණය කිරීමේ පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. වැවිලි ප්‍රජා ...
27/08/2025

ඉඹුල්පිටිය ගල්ඔය කොටසේ කාන්තාවන් සඳහා 2025.08.21 දින පාපිසි නිර්මාණය කිරීමේ පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. වැවිලි ප්‍රජා සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන සංවිධානය හා මෙහෙයවීම සිදුකරන ලදී.

දරුවන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය සංවර්ධනය හා පෝෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.08.22 දින වරකාව ලක්ෂ්මි පෙර පාස...
27/08/2025

දරුවන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය සංවර්ධනය හා පෝෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.08.22 දින වරකාව ලක්ෂ්මි පෙර පාසලේදී පවත්වන ලදී දරුවන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය සංවර්ධනය කිරීම අරමුණු කරගත් අතර මෙම වැඩසටහන සඳහා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සම්පත් දායකත්වය ලැබූ අතර සංවර්ධන නිලධාරි (දේශීය වෛද්‍ය) විසින් වැඩසටහන සංවිධානය කරන ලදී.

මූල්‍ය ආයතන වල පවතින ණය යෝජනා ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රවනාගාරය...
22/08/2025

මූල්‍ය ආයතන වල පවතින ණය යෝජනා ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රවනාගාරයේදී ප්‍රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන් 2025.08.18 දින පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් 38 දෙනෙකු සම්බන්ධ වූ අතර තරුණ කටයුතු තරුණ කටයුතු නිලධාරී විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ යෞවන කටයුතු අංශය මගින් ප්‍රතිපාදන ලබාදෙන ලදී.

මැහුම් ක්ෂේත්‍රයේ නියැලෙන කාන්තාවන්ට විධිමත් පුහුණුවක් ලබාදීම අරමුණු කරගනිමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වාගෙන...
22/08/2025

මැහුම් ක්ෂේත්‍රයේ නියැලෙන කාන්තාවන්ට විධිමත් පුහුණුවක් ලබාදීම අරමුණු කරගනිමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන මැහුම් පාඨමාලාවේ දෙවන දිනය 2025.08.19 දින විදාතා සම්පත් මධ්‍යස්ථානයේදී සිදු කරන ලදී ‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රතිපාදනය යටතේ වනිතා සංවර්ධන ‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රතිපාදනය යටතේ වනිතා සංවර්ධන නිලධාරී විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

Address

UC Road Nawalapitiya
Nawalapitiya
20650

Opening Hours

Monday 09:00 - 15:00
Tuesday 09:00 - 15:00
Wednesday 09:00 - 15:00
Thursday 09:00 - 15:00
Friday 09:00 - 15:00

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Pasbage Korale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category