24/09/2026
හැම කෙනෙක්ම අපිව සංතෝශ කලාපය වෙත අරගෙන යන ආශිර්වාදයන් විධියට ජීවිතයට එන්නේ නෑ. සමහරු එන්නේ අපිට අන්ධකාරය ගැන අත්දැකීමක් දෙන්න. සමහරු එන්නේ සුවපහසුව වෙනුවට වේදනාව හුරු කරවන්න. සමහරු එන්නේ තියුණු කැපුම් පහරවල් කිහිපයට පස්සේ අපිව මුවහත් කරන්න. එහෙම මිනිස්සු මුණගැහුණම, ජීවිතය ලොකු කුණාටුවකට නොවරදවාම මැදිවෙනවා.ජීවිතයේ එක් සමස්ථ කාලච්ඡේදයක් පුරා ඒ කුණාටුව හමා යනවා.
බලාපොරොත්තු අතහැරී යන, හිස්කම විතරක් අනුභව කරන්න වෙන ඒ කලාපය තුළදී, අපට දැනෙන්නේ ඒක ජීවිතයේ අවසානය කියලා. "දැන් සියල්ල ඉවරයි" කියලා. නමුත් අන්ධකාරය සෙමින් පහව යනවා. ආලෝකයේ මාර්ග හොයාගෙන මිනිස්සු ආයෙත් ඉදිරියට ඇදෙනවා. කුණාටුව නැවතිලා හුස්ම ආයෙත් වැටෙනවා.
අන්න ඒ කලාපයේදී අපිට ඕනනම්, සියල්ල සුණු විසුණු කර හමාගිය කුණාටුවට, ඒ විනාශකාරී මිනිස්සුන්ට, ඒ පීඩාකාරී අත්දැකීම්වලට වෛර කිරීමේ විකල්පය තෝරාගන්න පුළුවන්. දවසේ පැය විසි හතරම දෙස් දෙවොල් තියන්න පුළුවන්. සිදු වූ විනාශය ගැන වාක්‍ය රචනා ලියන්න පුළුවන්. හැබැයි ඔය මුකුත් නැතිවම, වෛර නොකර ඉන්නත් අපිට හැමවෙලාවෙම විකල්පයක් තියෙනවා.
කැපුම් පහරවල් කොච්චර වේදනාත්මක වුණත්,ඒවාගෙන් මම කොච්චර මුවහත් වෙලාද,
තැලුම් සීරුම් කොච්චර දැඩි වුණත්, ඒවා නිසාම මම කොච්චර පදම් වෙලාද,
ඔවුන්ට මගේ ජීවිතයේ ආශිර්වාදයක් වෙන්නට බැරි වුණත්, කොයි තරම් දුරට ඔවුන් දේවල් තේරුම් කරවලාද, උගන්වලාද
කියන දේ දකින්න පුළුවන්නම්, අපේ සුවවීම වඩා වේගවත් වෙනවා. ජීවිතයේ තවදුරටත් කොටසක් නොවන, මිනිසුන් නිසා අපි අසනීප වීම නතර වෙනවා.
ඒ නිසයි මේ පිටු අතරේදී අපිට පැහැදිලි කරන්නේ "කුණාටුවෙන් පස්සෙ ආයෙත් මල් පිපෙන්නේ වැස්සට වෛර නොකරන නිසා" කියලා.
ඒ නිසා ඔවුන්ව අත හරින්න! ආශිර්වාදයක් නොවී ඔබව මුවහත් කිරීම සඳහාම පැමිණි ඔවුන්ට සමාව දෙන්න!✝️❤️
📖ආදරයට Law of Attraction